කාන්තා ඝාතන 75 ක් සිදුවී ඇත්තේ මහ දවල්

237

මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ

කාන්තා ඝාතනවලින් වැඩි ප්‍රමණයක් සිදුවී ඇත්තේ මහ දහවල් කාලයේ දී එකී කාන්තාවන්ගේ නිවෙස් තුළ දී බව කාන්තා ඝාතන සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛi පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය සඳහන් කරයි.

මෙම පර්යේෂණයට අනුව කාන්තා ඝාතනවලින් සියයට 75 ක් පමණ සිදුවී ඇත්තේ නිවෙස්වලදීය. පොදු හා අනිකුත් ස්ථානවල දී කාන්තාවන් ඝාතනය වී ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවකි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මහාචාර්යවරිය මෙසේද පැවසුවාය.

මෙම ඝාතනවලට ප්‍රධාන හේතුව නිවස තුළ දී නැතිනම් පවුල් සංස්ථාව තුළදී ඇති ගැටුම් කාන්තා ඝාතන සියයට 60ක් පමණ සිදුකර ඇත්තේ සැමියා, අනියම් සැමියා, පෙම්වතා හෝ වෙනත් පුද්ගලයෙකු විසිනි. හඳුනානොගත් පුද්ගලයින් විසින් කාන්තාවන් ඝාතනයට ලක්කර තිබුණේ සියයට 18%ක් පමණ ප්‍රමාණයකි.

මේ අනුව හෙළි වූයේ මෙම ඝාතන නතර කිරීමට නම් නිවස තුළ ඇති ප්‍රශ්නය විසඳන්නේ නැතිව කුමන දේ කළත් ඵලක් නැති බවයි. පවුල් ප්‍රශ්න, ප්‍රේම සම්බන්ධතා, ලිංගික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න කාන්තා ඝාතනවලට වැඩි වශයෙන් හේතුවී තිබෙනවා.

මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය කාන්තා ඝාතන සම්බන්ධයෙන් 2013, 2014 සහ 2015 වර්ෂවල දී බස්නාහිර, දකුණු, නැඟෙනහිර, සබරගමුව උතුරු මැද යන පළාත්වල සිදුවූ කාන්තා ඝාතන සිද්ධීන් 243ක් සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකරන තිබේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment