විනාශකාරී චණ්ඩ මාරුතයක් පෘථිවියට කඩාවැදීමට විනාඩි 30කට පෙර දැනගැනීමේ පද්ධතියක් නාසා නිර්මාණය කරයි

260

විනාශකාරී චණ්ඩ මාරුතයක් පෘථිවියට කඩාවැදීමට විනාඩි 30 කට පෙර අනතුරු ඇඟවීමේ පද්ධතියක් නිර්මාණය කර ඇතැයි ඇමරිකානු නාසා ආයතනය හෙළිකර ඇත මෙවන් චණ්ඩ මාරුතයකින් අන්තර්ජාලය මුළුමනින්ම බිඳදැමිය හැකිය.

වර්ෂ 1959 දී කැරින්ටන් ඊවස්ට් නමැති චණ්ඩ මාරුතය පෘථිවිය වෙත කඩාවැදුණු අතර ඉන් සන්නිවේදන ජාලයන් බිඳවැටුණි. එවැනි තත්ත්වයක් වත්මන් සමයේ ඇති වුවොත් ලොවට විනාශකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වේ.

මෙම නව අනතුරු ඇඟවිමේ පද්ධතිය නිසා කල්තියා ලෝක ජනතාවට ඒ සඳහා සූදානම් වීමට හැකිවන බව නාසා ආයතනය කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment