කැලණිය රජමහා විහාරයේ උපාලි විජයවර්ධන සමරු පිංකම…

171

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 39 වැනි ගුණ සමරුව ඊයේට (13 දා) යෙදී තිබිණි. මේ නිමිත්තෙන් ඊයේ සවස ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් සහ පහන් පූජා පිංකමක් පැවැත්විණි.

කැලණිය රජමහා විහාරයේ උපාලි විජයවර්ධන සමරු පිංකම...

විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති බෝධිපූජා පිංකමට භාරත දේශයේ ප‍්‍රධාන සංඝනායක ඉන්දියාවේ මහා බෝධි සංගමයේ අනුශාසක සහ හිටපු ලේකම් ආචාර්ය දොඩන්ගොඩ රේවත නාහිමියෝද සහභාගි වූහ.

කැලණිය රජමහා විහාරයේ උපාලි විජයවර්ධන සමරු පිංකම...


බෝධි පූජා පිංකම සඳහා උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ලක්මණි ආර්. වෙල්ගම මහත්මිය, උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්‍ෂ ළහිරු ගුණසේකර යන මහත්වරු ද අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ සේවක සේවිකාවෝද එක්ව සිටියහ.

කැලණිය රජමහා විහාරයේ උපාලි විජයවර්ධන සමරු පිංකම...
කැලණිය රජමහා විහාරයේ උපාලි විජයවර්ධන සමරු පිංකම...
advertistmentadvertistment
advertistmentadvertistment