ආනයන සීමා කිරීමෙන් ඩොලර් අවුල ලිහන්න බෑ: ආනයන බලපත‍්‍ර දෙන්නේ ගජමිතුරන් සතුටු කරන්න – පුබුදු ජයගොඩ

167

ආනයන භාණ්ඩ පාලනය කිරීම මගින් ඩොලර් අර්බුදය විසඳිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (10 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.

මුළු පරිභෝජන භාණ්ඩ සඳහා වැය කරන්නේ ආනයනයෙන් සියයට 22යි. ඒකෙනුත් ආහාර තියෙන්නේ සියයට හතයි. ඒ නිසා ඒක පාලනය කළා කියලා ආනයන වියදමින් සියයට 78ක්ම අපට මගහරින්න බැරි වියදම්. එතකොට මේක කළා කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ගොඩක් අයගේ ජීවනෝපායන් බිඳ වැටෙන එකයි. උදාහරණයක් හැටියට සම් ආශි‍්‍රත දේවල්, රබර් ආශි‍්‍රත දේවල්, ලෙදර් ආශි‍්‍රත දේවල් ගෙන්වන්නේ නැහැ. විiුත් උපකරණ ගෙන්වන්නේ නැහැ. කැමරා ගෙන්වන්නේ නැහැ. පරිගණක ගෙන්වන්නේ නැහැ. අමතර කොටස් ගෙන්වන්නේ නැහැ කියලා කියද්දී දැනට ඒ ආශ‍්‍රිතව ජීවිකාව ගෙවන අයගේ ජීවිකාව බිඳ වැටෙනවා.

මේකෙන් වෙන එකක් තමයි නිදහස් වෙළෙඳපොළේ ධනවාදය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එක.

අනික ආනයන සීමාවේදී මේගොල්ලෝ දාල තියෙන විශේෂ බලපත‍්‍රයක් අවශ්‍යයි මේවා ආනයනය කරන්න කියලා. මේ හදන්නේ කීප දෙනකුට විතරක් විශේෂ බලපත‍්‍ර දීලා ඒගොල්ලන්ට ඒකාධිකාරි බලයක් හදලා දෙන්න. ඒගොල්ලන්ගේ ගජමිතුරන්ට ඒ ඒකාධිකාරය හරහා මේවායේ මිල තමන් කැමති ලෙස පාලනය කිරීමේ බලයත් ඒ සීමිත ආනයනකරුවන්ට ලැබෙනවා.

අනෙකුත් ආනයනකරුවෝ වට්ටලා තමන්ගේ මිතුරෝ කීප දෙනෙකුට විතරක් මේ භාණ්ඩ ආනයනයේ ඒකාධිකාරය හිමිකරලා දෙන්න මේ හදන්නේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment