පොලිසියේ අපචාරවලට එරෙහි වන උ/මැ එස්.ඩී.අයි.ජී.ට පොලිසියෙන්ම බලපෑම්

1

පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විවිධ දේශපාලනඥයන් සහ ආගමික නායකයන් හරහා පොලිස්පතිවරයාට බලපෑම් කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

රාජකාරි කරන පොලිස් නිලධාරීන් බීමතින් පැමිණීම, අනවශ්‍ය ගැටුම් ඇති කර ගැනීම, විවිධ කොල්ලකෑම්, අපරාධවලට සම්බන්ධ වීම, කාන්තාවන් අතවරයට ලක් කිරීම ඇතුළු විවිධ විනය විරෝධී ක්‍රියාවන්වල නිරතවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා සියලුම උසස් නිලධාරීන්ට නියෝග කර ඇත.

එමෙන්ම විනය විරෝධී ක්‍රියාවල නිරතවන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් විශේෂ විමර්ශන ඒකකය ශක්තිමත් කරන ලෙසද තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී තිබේ.

එවන් වාතාවරණයක් තිබියදී උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විනය විරෝධී ක්‍රියාවල නිරත වූ නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

එහිදී එම පළාතේ නිලධාරීන් කීපදෙනකු දේශපාලනඥයන් සහ ආගමික නායකයන් මාර්ගයෙන් පොලිස්පතිවරයාට කතා කර ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙම කටයුතු නතර කිරීමට බලපෑම් කර තිබේ.

දේශපාලනඥයන් සහ ආගමික නායකයන් හරහා පොලිස්පතිවරයාට බලපෑම් කළ නිලධාරීන් පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව වෙනම ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment