අඹුසැමි ආරවුල දුරදිග ගොස් කමිසයකින් ගෙල සිරකර හිටපු හමුදා සෙබළා මරලා: සැකකාර බිරිඳ අත්අඩංගුවට

820

හොරණ මල් බෙරිගම නිවසක් තුළදී අඹු සැමියන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිඳ විසින් සැමියාගේ ගෙල කමිසයකින් සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ වසන්ත කුමාර නමැති හිටපු හමුදා සෙබළෙකි. ඔහු 30 හැවිරිදි එක් දරු පියෙකි. ඝාතනයට ලක්වූ පුද්ගලයා බිරිඳ සමග නිරතුරුව ආරවුල් හටගෙන තිබූ බවත් පෙරේදා 2 රාත‍්‍රියේද ඔවුන් දෙදෙනා අතර සුපුරුදු ලෙස ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ආරවුලෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇඳට ගොස් නිදා ගැනීමෙන් අනතුරුව සැකකාරිය විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් නිලධාරියා කීය. සැකකාරියගේ

දෙමාපියන් ඒ ආසන්නයේ පදිංචිව සිටියත් ඔවුන් මෙම ආරවුල සමථයකට පත් කිරීම සඳහා මැදිහත්ව නැති බව පොලිස් නිලධාරියකු කීය.

ඝාතනය සම්බන්ධයෙන් ද පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීහු පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

සිද්ධිය වූ ස්ථානයේ මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති, හොරණ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එන්. සී. සේරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අබේසිරි, පොලිස් සැරයන් ලලිත් (36477) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment