ක්‍රිකට් තහනමක් : හොර නඩේ ‘ගේමක්’ ගහලා – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි

324

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කිරීම සඳහා වත්මන් ක්‍රිකට් දූෂිත පරිපාලකයන් කොළඹ හෝටලයකදී පෙරේදා (09 දා) රාත්‍රී සාකච්ඡා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) සඳහන් කළේය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් එළවා දැමිය යුතු බවට විශේෂ යෝජනාවක් සම්මත කිරීම පාර්ලිමේන්තුවේ සිදුවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් කුලී ගෙවන සිනමන් හෝටලයේ ඇති කාර්යාල කාමරයක හොර ගජමිතුරන් කණ්ඩායමක් එකට එකතු වී කෙසේ හෝ ඉන්දියාවේ ෂාට කතා කර පැය 72ක් ඇතුළත අපේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කරන බවට සාකච්ඡා කර ඇති බවත් හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ 225 දෙනා ගනු ලබන පියවර කුමක් විය යුතු දැයි විපක්ෂ නායක එහිදී විමසා සිටියේය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් හොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි කියා ද එහිදී විපක්ෂ නායකවරයා විමසා සිටි අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අමල් චින්තක මහතා සමග උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment