පොසොන් පිංකමේ සමාරම්භය සනිටුහන් කරමින් සති පිරිත් පිංකම ඉසුරුමුණියෙන් ඇරැඹෙයි

79

අනුරාධපුර ඓතිහාසික පොසොන් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අනුරාධපුර සති පිරිත් පිංකම් කමිටුව මගින් 44 වෙනි වරටත් සංවිධානය කළ වාර්ෂික සති පිරිතට අදාළ පැන් පෙරහැර පෙරේදා (30 දා) සවස අනුරාධපුර ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය අසලින් ආරම්භ විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වලින් ලබා ගත් පැන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් හා ප්‍රදේශවාසීන් විසින් එහි සිට මහමෙවුනා උයනේ ස්ථාපිත කොට තිබෙන පිරිත් මණ්ඩපය වෙත දර්ශනීය පෙරහැරකින් රැගෙන ආ අයුරු සහ අනතුරුව පිරිත් මණ්ඩපය තුළ තැන්පත් කොට තිබෙන විශාල රිදී පාත්‍රයට අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා මත එම පැන් පිරවූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment