යාපනයේ තල්වලට හොඳ කලක් යන ලකුණු – සංවර්ධනයට කැනේඩියානු අතහිත

88

යාපනයේ තල් වගාව සංවර්ධනය කිරීමට හා තල් ආශ්‍රිත නිෂ්පාදන වලට විදේශීය වෙළඳ පොළක් සකසා දීමට මැදිහත් වීමට කැනේඩියානු රජය එකග වී තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ස් මහතා දින තුනක සංචාරයක් සඳහා යාපනයට ගිය අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.

මෙහිදී මහ කොමසාරිස්වරයා යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි තල් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ වූ පර්යේෂණාගාරයටද, තල් වගා කෙරෙන ප්‍රදේශ වලටද ගොස් තිබේ. මෙහිදී යාපනයේ අළුතින් තල් වගා කිරීමට බලාපොරොත්තු වන ජනතාවට ඒ සඳහා මූල්‍ය ආධාර ලබාදීමටද කැනේඩියානු රජය සූදානම් බව ප්‍රකාශ කොට ඇත. මේ ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගත හැකි බවත් යාපනයේ තල් කර්මාන්තය වඩා සංවර්ධනයට ලක් වන බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කොට ඇත. මෙම අවස්ථාවට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති, සහකාර අධ්‍යක්ෂ, අලෙවි කළමනාකාරිණිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment