ගුවන් නියමුවරියක් වී උතුරට කීර්තිය ගෙනදුන් එමානුවෙල්

723

උතුරු පළාතෙන් බිහි වී ශ‍්‍රී ලංකාවේ සේවය කරන පළමු දෙමළ ජාතික ගුවන් නියමුවරියවීමේ භාග්‍යය මන්නාරමේ තරුණියකට හිමි වී තිබේ.

මන්නාරමේ ඉතාම දුෂ්කර ගම්මානයක් වන මාන්තෙයි බටහිර වට්ටකණ්ඩල් කාතන්කුලම් ගම්මානයේ ජීවත් වන එමානුවෙල් එවැන්ජලීන් නැමති තරුණියට මේ අවස්ථාව උදා වී තිබේ.

ගුවන් නියමුවරියක් වී උතුරට කීර්තිය ගෙනදුන් එමානුවෙල්


මන්නාරම ශාන්ත සේවියර් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය කොළඹ ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයට බැඳී ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරා තිබේ.

කුඩා කාලයේ සිටම ගුවන් නියමුවරියක් වීමේ සිහිනයකින් ජීවත් වූ ඇයගේ දෙමවුපියන් වන්නේ ෆ‍්‍රැන්සිස් එමානුවෙල් හා එස්. සිලම්මා යන දෙපළයි.

උතුරේ දෙමළ තරුණියන් මීට පෙර ගුවන් නියමුවරියන් වශයෙන් පුහුණුව ලබා සේවය කරන නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුත් ශ‍්‍රී ලංකාවේදී පුහුණුව ලැබීමක් හෝ ශ‍්‍රී ලංකාවට සේවය කිරීමක් නොකරයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment