සමෙහි පැහැපත් බව වැඩිකර ගැනීමට කාබන් පීල් ප්‍රතිකාර

214

මිනිස් සිරුරේ විශාලත ම ඉන්ද්‍රීය සමයි. අප ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන් හා බාහිර පරිසරය වෙන්වන්නේ මිනිස් සමෙනි. එබැවින් බාහිර පරිසරයෙන් ඇතිවන නොයෙකුත් අහිතකර බලපෑම්වලට, උදා- දැඩි හිරු කිරණ, නොයෙකුත් විකිරණ, දූෂිත වාත අංශු, මුලින්ම ප්‍රතිරෝධය දක්වන්නේ සමෙහි බාහිර කොටසයි. මෙම නිසා අපගේ ශරීරයේ වියපත් වීම පළමුවෙන්ම බාහිරට පිළිබිඹු වන්නේ සමෙනි. සම රැළි වැටීම, අවපැහ වීම, දුර්වර්ණ වීම, ලපකැළැල් ඇතිවීම සම වියපත් වීමේ ලක්ෂණයි. අප බොහෝ දෙනකුට ඇති ගැටලුව වන්නේ මෙසේ අකලට සම වයස් ගතවීම නිසා ඇතිවන වෙනස්වීම් නැවත ප්‍රතිස්ථාපනය කරගන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන්ම නවීන තාක්ෂණයේ දියුණුවත් සමග ලේසර් වැනි උපකරණ මගින් මෙසේ වයස්ගත වූ සමට නැවත තරුණ බවක් ලබාදීමට හැකියාව ලැබී ඇත.

අධෝරක්ථ කිරණ තරංග පරාසයට අයත් යැග් ලේසර් උපකරණයක් මගින් කරනු ලබන කාබන් පීලින්ග් නොහොත් බ්ලැක් ඩොල් ප්‍රතිකර්මය මගින් මෙසේ වයස්ගතවූ සමට නැවතත් තරුණ පෙනුමක් ලබදිය හැකිය. එබැවින් ලෝකයේ බොහෝ රටවල මෙම ප්‍රතිකාර ක්‍රමය සමෙහි පැහැපත් බව වැඩිකර ගැනීම සඳහා වඩාත් පහසු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කරනු ලැබේ. කාබන් පීල් ලේසර් ප්‍රතිකාරය අවසානයේ සම ඉතාම සුමුදු මෙන්ම මටසිලුටු ස්වභාවයක් ලබාදෙයි. මෙමගින් සමෙහි ඇති කොලර්ජන් ප්‍රෝටීනය අලුතින් නිපදවීමටත්, අලුත්වැඩියාවටත් දායකත්වයක් දක්වනවා. මීට අමතරව කාබන් පීල් ප්‍රතිකාරයේ ඇති අනෙක් වැදගත්ම ප්‍රතිඵලය වන්නේ සමෙහි අධික තෙල් ස්වභාවය ඉවත් කිරීමයි. විශේෂයෙන්ම කුරුලෑ හා කැළැල් ඇති සමකට කාබන් පීල් ප්‍රතිකාර ක්‍රමය ඉතා වැදගත් වෙනවා.

මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී පළමුවෙන්ම සමට ගැළපෙන ක්ලේන්සරයක් භාවිතයෙන් සම නිවැරදිව පිරිසිදු කරනු ලැබේ. ඉන්පසුව තුනී කාබන් ලේයරයක් සම මත අලේප කර විනාඩි 15 – 20 ක කාලයක් තබනු ලැබේ. ඉන්පසුව අදාළ ශරීරයේ කොටස හා සමෙහි ස්වභාවය අනුව යැග් ලෙසර්යේ සැකසීම් සිදුකොට ලේසර් කිරණ මගින් කාබන් අංශු සම මත දැවීමකට ලක්කරනු ලැබේ. මෙසේ සම මත ඇති තුනී කාබන් අංශු දැවී යෑමේ දී සමෙහි ඇති අහිතකර ටෝක්සීන් හා හානිකර සංඝටක ද රික්තකයක් ලෙස චූෂණයවී ඉවත්වේ. මෙම ප්‍රතිකාරය මුහුණ වගේම බෙල්ල, පපුව, පිට, අත් හා කකුල්වලටත් භාවිත කරන්න පුළුවන්. උපරිම ප්‍රතිඵල ළඟාකර

ගැනීම සඳහා කාබන් පීල් ප්‍රතිකාරය කිහිපවරක් කිරීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම සති 3 – 4කට වරක් මාස 4 හෝ 5ක් ප්‍රතිකාර කිරීම මගින් ඔබට අවශ්‍ය ආකාරයට සම සකසා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ප්‍රතිකාරය ඉතා සරල මෙන්ම කුඩා කාලයක දී කළහැකි වුවද, රූපලාවන්‍ය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුදු වෛද්‍යවරයකු අතින් සිදුකර ගැනීම අතුරු අබාධ අවම කරගැනීමටත්, උපරිම ප්‍රතිඵල ළඟාකර ගැනීමටත් වැදගත් වෙනවා. මයිකොස්මටික් ක්ලිනික් හි (https://mycosmeticclinic.lk) පිළියන්දල සේරුලීන් හිදී මෙම සේවාව බොහෝ පිරිසක් ලබාගන්නා අතර, සුළු කාලයක දී ඔවුනට අවශ්‍ය සමෙහි දීප්තිමත් බව, සෞම්‍ය බව, පැහැපත් බව වගේම සමෙහි තරුණකම වැනි ප්‍රතිඵල ළඟාකර ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා.

වෛද්‍ය හර්ෂ ජයකොඩි
MBBS (Sri Lanka) MBA (Malaysia) MSc (Sri Lanka) Member of American Academy of Aesthetic Medicine (AAAM)

advertistmentadvertistment
advertistmentadvertistment