නවකතතාව කියවා මදුහාමි භාරගත් අරුණි

363

අහම්බයෙන් කලාවට ආවේ නැහැ….

ඇය මුලින්ම පුංචි තිරයට එන්නෙ සුදත් රෝහණගෙ ‘ස්වයංජාත. ටෙලි නිර්මාණයෙන්. අද ඇය මදුහාමි ලෙසින් වසර දොළහකට පස්සෙ ඔහුගේම නිර්මාණයකින් ඔබ හමුවට එනව. කලා ක්‍ෂේත්‍රයට පය තියන්න සිතුවිල්ලක්වත් නොතිබුණ කාලෙක කියවපු නවකතාවක චරිතයකට පණ දෙන්න ලැබුණු ඒ දෛවෝපගත සිදුවීම ගැන වගේම තවත් තොරතුරු බොහොමයක් අරුණි මෙන්ඩිස් මීවිත සමග බෙදා හදා ගත්තා.

නවකතතාව කියවා මදුහාමි භාරගත් අරුණි

අරුණි, මදුහාමිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඇත්තටම මදුහාමිට ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව.

මදුහාමිගේ ජනප්‍රිය බව ඔබ පිටපතේ දැක්කද?
 

මම මේ නවකතාව කලින් කියවල තිබුණ. ඒ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න සිතුවිල්ලක්වත් නැති කාලෙ” ටෙලි නිර්මාණයට මුලින්ම ඇමතුම ලැබෙනකොට මම නවකතාව කියවල තියෙනව කිව්වාම මට කිව්වෙ” චරිත ලක්‍ෂණ සහ චරිත සොභාවයන් එක්ක නවකතාවට වඩා ටෙලි නාට්‍යයේදි චරිත ගොඩක් දිගහැරෙනව කියල. මම පිටපත කියවන්නෙ මගේ චරිතය ගැන දැනගෙන. එතනදි චරිතයට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් කිසිම දෙයක් හිතුවෙ නැහැ. මදුහාමිගෙ චරිතය තුළ තියෙන සංවේදී තැන් සහ ඒ චරිත ස්වභාවයන් පිළිබඳව මං ගොඩක් ආසාවෙන් උනන්දුවෙන් පිටපත ඉදිරියට කියාගෙන ගියා” මොකද මට යමක් ඉගෙනගන්න සහ මට යමක් කරන්න පුළුවන් චරිතයක් කාලෙකින් ලැබුණා කියන සිතුවිල්ල මට ඇති වුණ නිසා.

නවකතතාව කියවා මදුහාමි භාරගත් අරුණි
නවකතතාව කියවා මදුහාමි භාරගත් අරුණි

නවකතාවේ මදුහාමිට ඔබ සාධාරණයක් කළාද?
 

ඇත්තටම ඒක තීරණය කරන්න ඕන ප්‍රේක්‍ෂකයන්. නවකතාවත් කියවල ටෙලි නාට්‍යයත් නරඹන ප්‍රේක්‍ෂකයන්ට තමයි ප්‍රධාන වශයෙන්ම මම සාධාරණයක් කළාද කියල කියන්න පුළුවන් වෙන්නෙ. නමුත් පෞද්ගලිකව මමත් නවකතාව රසවිඳපු කෙනෙක් හැටියටත්” පිටපත කියවපු කෙනෙක් හැටියටත්” ඉන් පස්සෙ නිර්මාණයට සම්බන්ධ වෙලා කටයුතු කරපු කෙනෙක් හැටියටත් මට මම කරපු දේ ගැන සතුටු වෙන්න පුළුවන්.

මදුහාමි ආවෙ දුෂ්කර ගමනක්?

ඔව්. ඒ නිර්මාණය බලනකොට ඕනෑම නෙනකුට තේරෙනව අපි වැඩකරන්නෙ සැප පහසු දර්ශන තලවල නෙමෙයි කියල. බොහොමයක් ඒවා නිර්මාණය කරපු ඒවා. වනාන්තර ඇතුළෙ” විදුලි රැහැනක්වත් නොපෙනෙන තරම් දුෂ්කර ප්‍රදේශවල තමයි රූගතකිරීම් කළේ. ඒ වගේ පරිසරයක වැඩකරනව කියන එකේම තියෙනවනෙ යම් අපහසුතාවක්. ඔය අතර රෑ එළිවෙනතුරු නිදිවරාගෙන හිටපු අවස්ථාත් තිබුණ. තව කුඹුරු කොටන්න වෙන අවස්ථා” දණිහිස දක්වා මඩේ එරි එරී යන්න සිදුවුණ අවස්ථා” අවුවෙන් වැස්සෙන් පීඩා වින්ද අවස්ථා වගේ තව බොහෝ දුෂ්කරතා මැද තමයි හැමෝගෙම මහන්සියෙන් මේ නිර්මාණය රසිකයන්ට රසවිඳින්න අවස්ථාව උදාවෙන්නෙ.

මහන්සියේ ප්‍රතිඵලයක් තියෙනවද?

සමස්තයක් හැටියට නිර්මාණය පිළිබඳව මහන්සියේ ප්‍රතිඵල තියෙනව කියල සෑහීමකට පත්වෙනව. මදුහාමි සහ මම පිළිබඳවත් මට සතුටුයි.

මේ වගේ වැඩක් ලැබුණෙ කාලෙකින්?
 

ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ සුදත් රෝහණ මහත්මයාගෙ ‘ස්වයංජාත. නාට්‍ය නිර්මාණය හරහා. එයින් වසර දොළහකට පස්සෙ තමයි නැවත එතුමාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙන්නෙ. මේ අතර කාලය තුළ එතුමාගේ ඒකාංගික ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කළා. මම හිතන්නෙ අපේ ක්‍ෂේත්‍රය තුළත් බොහොම කාලෙකින් තමයි මේ වගේ නිර්මාණයක් බිහි වුණේ. එවැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම ගැනත් මට ලොකු සතුටක් තියෙනව.

මෙතෙක් ඔබට හොඳ නිර්මාණයක් ලැබිල නැද්ද?

මම එහෙම හිතන්නෙත් නැහැ. මොකද මම එක දිගට වැඩ කරන්න ඕන කියල හිතන කෙනෙක් නෙමෙයි. සුනිල් කොස්තා මහත්මයාගෙ ‘පියස.” ෂර්ලි පී. දෙලංකාවල මහත්මයාගෙ ‘පෝටාවැටිය.” නාලන් මෙන්ඩිස් මහත්මයාගෙ ‘ඉසුරු සංග්‍රාමය.” තුෂාරි අබේසේකර මහත්මිය වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරු සමග වැඩකරන්නත් මට අවස්ථාව ලැබිල තියෙනව.

අරුණිත් පිටපත් තෝරනවද?

බොහෝ වෙලාවට අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් හැමෝම වගේ මගෙත් එක්ක එකඟ වේවි ගොඩක් වෙලාවට පිටපතක් අපේ අතට ලැබෙන නිර්මාණ අපිට ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්. කොහොම වුණත් මම වැඩකරපු නිර්මාණ බොහොමයක පිටපත් මට ලැබිල තියෙනව. ඒවා කියවල පෙර සූදානමක් ඇතුව නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව මට ලැබුණ. තෝරාබේරා ගන්නවා කියන කාරණයේදි ලොකු නිර්ණායක වල මම නැහැ. නමුත් චරිතය තුළ මට යමක් කරන්න තියෙනව නම්” මට යමක් ඉගෙනගන්න පුළුවන් නම් මම ඒ නිර්මාණයට සම්බන්ධ වෙනව.

අරුණිගේ වෘත්තිය?

මම නිදහස් කලා ශිල්පිනියක් විදිහට වැඩ කරනව කියල කියන්න පුළුවන්. මුල්ම කාලෙ අධ්‍යාපන කටයුතු කරනගමන් පෞද්ගලික අංශයේ රැකියාවකට යොමුවෙලා හිටියා. ඉන් පස්සෙ පවුලේ පුංචි ව්‍යාපාරයකට සම්බන්ධ වුණා. කලාවට යොමුවීමත් එක්ක රැකියාවෙන් ඉවත් වුණා. නමුත් මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි නිවේදිකාවක් විදිහට කටයුතු කරනව.

නිවේදිකාවගේ භූමිකාව මොනවගේද?

මම රංගනයට යොමු වුණ නිසා නිවේදනයට ආවා වත් නිවේදන කටයුතු කළ නිසා රංගනයට ආවා වත් නෙමෙයි. මේ අවස්ථා දෙකම ජීවිතේ එකම කාලෙකදි තමයි මට ලැබෙන්නෙ. ඒ ස්වයංජාත නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණ කාලෙමයි.

පැමිණි ගමන කතා කළොත්?

මම අහම්බෙන් කලාවට යොමු වුණ කෙනෙක් නෙමෙයි. මේ විෂයයන් ගැන තියෙන දැඩි ආදරය” වුවමනාව සහ ආසාව නිසාම ඒ ගැන අදටත් හැදෑරීමක් කරන ගමන් තමයි ක්‍ෂේත්‍රයේ කටයුතු කරන්නෙ.

ක්‍ෂේත්‍රය ගැන අදහස?

අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ රංගනය පිළිබඳව ඉහළ අධ්‍යාපනයක් ලබන්න තියෙන ඉඩකඩ අඩුයි. බොහෝ දුරට නැති තරම්. සමස්තයක් හැටියට ගත්තොත් ලොකු ගැටලු තියෙනව. නමුත් තියෙන සම්පත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්නම් අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කර්මාන්තයක් හැටියට මීට වඩා ඉහළ මට්ටමක තිබුණ නම් හොඳයි කියල හිතනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment