මට දමිළ භාෂාව කතාකරන්න බැහැ – වින්ඩි ගූණතිලක

වින්ඩි ගුණතිලක ගායනා කළ සනුක වික්‍රමසිංහ සංගීතවත් කළ ‘අයියෝ සාමි’ ගීතය පසුගිය කාලයේ හරි ජනප්‍රිය වුණා. ඔන්න ඒ මතකය දැන් ආපහු අලුත් වුණා. ඒ පසුගිය දවස්වල දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට හිමි සම්මානය හිමිකර ගැනීමත් සමගය. ඉතිං මේ දෙපළ මේ සම්මානයත් රැගෙන ලංකාවට ආ විගස අපිත් පුංචි කතාබහක නියැළුණා. පහතින් පෙළගැසෙන්නේ ඒ කතාබහ සිදුවුණු ආකාරයයි.

එඩිසන් සම්මාන උළෙලේ පෙරළි කළ අපේ හඬ AYYO SAAMI

පසුගියදා පැවැති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත්වූ විශිෂ්ටතම සංවේදී ගීතයට හිමි සම්මානයට පාත්‍රවීම ගැන මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි මේ ගීතය නිර්මාණය කරන්න අපි ගොඩක් මහන්සි වුණා. අනික මේක මගේ තෙවැනි ගීතය. මගේ සංගීත ගමන තවම පටන් ගත්තා විතරයි. මේ වගේ පිළිගැනීමක් ලැබෙනවා කියන්නේ මට ලොකු හයියක්.

වින්ඩිට මේ ආරංචිය ලැබුණේ කොහොමද?

එඩිසන් සම්මාන රාත්‍රියේ සංවිධායක කමිටුවෙන් මුලින්ම අපිට ලිපියක් ලැබුණා සති දෙක තුනකට කලින් තමයි ඒ ලියුම අපේ අතට ලැබුණේ. මේ ගීතයේ පද රචනාව සිදු කළ පොතුවිල් අස්මින් තමයි අපිට මේ කටයුත්ත සම්බන්ධීකරණය කරලා දුන්නේ.

එඩිසන් සම්මාන උළෙලේ පෙරළි කළ අපේ හඬ AYYO SAAMI

සම්මාන රාත්‍රියේ අත්දැකීම මොන වගේද?

ඒක අලුත් අත්දැකීමක්’ පළමු වතාවට තමයි මේවගේ ජාත්‍යන්තර සම්මාන උළෙලක ඇගයීමට ලක්වුණේ. ඒ හැඟීම හරි අමුතුයි.

එඩිසන් සම්මාන උළෙලේ පෙරළි කළ අපේ හඬ AYYO SAAMI

මේ ආරංචිය ලැබුණහම සනුක මොනවද කිව්වේ?

විශේෂයෙන් මොකුත් කිව්වේ නැහැ. හැබැයි එයත් සතුටු වුණා.

එඩිසන් සම්මාන උළෙලේ පෙරළි කළ අපේ හඬ AYYO SAAMI

අම්මා තාත්තාගෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

ඒගොල්ලෝ අපේ ජයග්‍රහණ දැකලා සතුටු වෙනවා’ මම හිතන්නේ මටත් වඩා ඒගොල්ලන්ට තමයි සතුට වැඩියෙන්ම තියෙන්නේ. ඒ නිසාම මේ සම්මාන උළෙලට මගේ අම්මයි තාත්තයි වගේම සනුකගේ අම්මයි තාත්තයි සහභාගි වුණා.

අයියෝ සාමි ගීතය පසුගිය කාලයේ ඉන්දියාවේ හරි ජනප්‍රිය වුණා?

ඒක ඇත්තටම කොහොම වුණාද කියලා තවම හිතාගන්න බැහැ. ඒක හීනයක් වගේ.

ගීතය නිර්මාණය කරද්දි හිතුවද මේ තරම් දුරක් එන්න පුළුවන් වේවිද කියලා?

නැහැ. එහෙම හිතුවේ නැහැ. අපි ඕනෑ තරම් ගීත නිර්මාණය කරනවානේ. මේකත් තව එක ගීතයක් විතරයි.

සම්මාන රාත්‍රියේදී පොතුවිල් අස්මින් මොනවද කිව්වේ?

එයා ගොඩක් දමිළ භාෂාවෙන් තමයි කතා කරන්නේ. මේ සින්දුව හදන්න වගේම මිනිස්සු අතරට ගෙනියන්න එයා ගොඩක් මහන්සි වුණා. තවමත් එහෙමයි මම හිතන්නේ එයාගෙත් ගොඩක් ජනප්‍රිය වුණු ගීතය තමයි ‘අයියෝ සාමි’

වින්ඩිට දමිළ කතා කරන්න පුළුවන්ද?

අයියෝ බැහැ. ඉස්කෝලේ යන කාලෙවත් ඉගෙන ගෙන නැහැ. ටැමිල් පොඩ්ඩක්වත් දන්නේ නැතිව තමයි සින්දුව කිව්වේ.

කොහොමද සින්දුව පුරුදු වුණේ?

අස්වින් ඉන්දියාවේ ඉඳලා වට්ස් ඇප් යෙදවුම හරහා ගීතයේ පද පේළියෙන් පේළිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා එව්වා. මුලින්ම පේළියෙන් පේළිය අහලා තමයි පුරුදු වුණේ. ගීතය පුරුදු වෙන්න මට ටික දවසක් ගියා මොකද මට පුරුදුම නැති භාෂාවක්නේ.

සම්මානයට පාත්‍ර වෙන්නෙත් දමිළ ගීතය නේද?

මම දන්නේ නැහැ. ඒක පුදුම වැඩක්. සංවිධායකයන් පවා ඇහැව්වේ දමිළ දන්නේ නැතිව කොහොමද ඔයා මේ සින්දුව කිව්වේ කියලා. ට්‍රයි කරලා ට්‍රයි කරලා පුළුවන් විදිහට තමයි ඔය කියලා තියෙන්නේ.

සනුක සමග ගෙවන විවාහ ජීවිතය?

හොඳින් ගෙවිලා යනවා.

සනුකගේ ලැබෙන සහයෝගය?

හැමදේටම මටත් වඩා මහන්සි වෙනවා. මම ගැන සහ මගේ අනාගතය ගැන මටත් වඩා හිතනවා. එයා ඉදිරියට ඇවිල්ලා මේ වැඩ කළේ නැති නම් මම මොකුත් කරන එකක් නැහැ.

ඒ කියන්නේ වින්ඩි ටිකක් කම්මැලි චරිතයක්ද?

කම්මැලිමත් නෙමෙයි. එච්චර අභිප්‍රායක් නැහැ. සනුක තරම් මහන්සි වෙන්නේ නැහැ.

සනුක වික්‍රමසිංහ

ඔබ සංගීතය නිර්මාණය කළ ගීතයක් තමයි ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වෙන්නේ?

අපි සින්දුව රිලීස් කළේ 2022. ඒ කාලෙත් අපි කිසි ලෙසකින් බලාපොරොත්තු නොවුණ දෙයක් තමයි සිද්ධ වුණේ. ඊට පස්සේ 2023 වසරේ ස්ලිම් කන්ටාන්ට් පීපල්ස් අවෝර්ඩ් සම්මාන උළෙලේදී අපිට හම්බවෙනවා වසරේ ජනප්‍රිය ගීතයට හිමි සම්මානය. අන්තිමේ සින්දුවේ උණුසුම ටික ටික අඩුවෙලා ගිහිල්ලා අවුරුද්දකට පස්සේ ආපහු මේ අවුරුද්දේ මාර්තුවල අපිට ඉන්දියාව වගේ කලාව දේවත්වයකින් සලකන රටකින් සම්මානයක් ලබාදීම තුළින් නැවතත් ඒ සතුට අලුත් වුණා. මෙහෙම දෙයක් අපිට ලැබේවි කියලා කිසි ලෙසකින් බලාපොරොත්තු වුණේ නැහැ. ඉතිං ඒකට එඩිසන් එවෝර්ඩ් සියගුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම අයියෝ සාමි ගීතයට සහභාගි වුණු හැමෝම වගේ මතක් කරන්න ඕනෑ. විහායස් වීඩියෝ ටීම් එක” එහි ප්‍රසාද් අලුත්වත්ත” යූ. රස්නා” පී. පසන් කියන මේ තුන්දෙනා එකතු වෙලා තමයි නිර්මාණය කළේ. වින්ඩිගේ හෙයාර් ඇන්ඩ් මේකප් කළේ අසංක වීරසේකර ප්‍රමුඛ කණ්ඩායම” ඇඳුම් නිර්මාණය කළේ තුෂානි රොද්‍රිගෝ” කොනිසර් ටීම් එක තමයි ඩිජිටල් ඩිස්ටි්‍රබියුෂන් එක කළේ. අපි දෙන්නාගේම දෙමාපියන්වත් සිහිපත් කරන්න ඕනෑ.

තෙල් පෝලිම්, විදුලිය කැපීම් වැනි ආර්ථික අර්බුද රැසක් තිබුණ කාලෙක තමයි ගීතය නිර්මාණය කරන්නේ?

අභියෝගාත්මක කාලයක තමයි මේ ගීතය නිර්මාණය කළේ. මේ ගීතයේ රූප රචනාව නිර්මාණය කරන කාලේ වාහනයකට ගහන්නත් තෙල් පවා තිබුණේ නැහැ. තෙල් අර්බුදය ඒ කාලේ දරුණුවට තිබුණා. ඇත්තටම තෙල් පවා හොයලා දුන්නේ රූකාන්ත අංකල්. අපිට දෙමාපියෝ ගොඩක් උදව් කරලා තියෙනවා. අපි අද තැනක ඉන්නවා නම් ඉන්නෙත් ඒගොල්ලෝ හින්දයි.

සම්මානයක් තියෙනවා කියලා දැන ගත්තේ කොහොමද?

අපි දන්නෙත් නැහැ. අපිට ආරාධනා පත්‍රයක් ලැබුණා අපි දෙන්නම දමිළ භාෂාව දන්නේ නැති හින්දා අස්වින් තමයි ඒ සංවිධායකයන් සමග කතාබහ කළේ. මේක ජූරියේ නිර්දේශයකට අනුව ලැබුණු සම්මානයක්.

සම්මානය දෙන වෙලාවේ සංවිධායකවරු මොනවද කිව්වේ?

දමිළ භාෂාව මව්බස කරගත්තු දමිළ ජනතාවම කියනවා වින්ඩිගේ උච්චාරණය හරි ඉහළයි කියලා. වින්ඩිට සම්මානය දෙන වේලාවේ පවා නිවේදකයන් දෙපළ පවා ඇහැව්වේ ඔයා කොහොමද මෙච්චර ලස්සනට දමිළ භාෂාව උච්චාරණය කරන්නේ කියලත්. සංවිධායකයනුත් පුදුම වුණා වින්ඩිගේ දමිළ භාෂා උච්චාරණය සම්බන්ධව. ඒ විතරක් නෙමෙයි මේ සින්දුව රිලීස් කරපු වෙලාවේදී පවා මේ ගීතය අහපු අය හිතුවේ නැහැ මේ සින්දුව කියන්නේ ලංකාවේ සිංහල කෙනෙක් කියලා. මේ ගීතය කියන ගායිකාවට දමිළ භාෂාව බැහැ කියලා කිව්වහම ඒගොල්ලො පුදුම වුණා.

සංගීත දිවිය ගැන ආපසු හැරී බැලුවොත්?

හරිම සතුටුයි මේක ලේසියෙන් ආපු ගමනක් නෙයෙි. නමුත් කිසිම පසුතැවීමක් නැහැ. අපිට පුළුවන් උපරිමයෙන් මහන්සිවෙලා වැඩ කළා කියලා අපි හිතනවා. ඉතිං ඒ මහන්සියට රසිකයන්ගේ ආදරය තවම නොඅඩුව ලැබෙනවා.

කොහොමද විවාහ ජීවිතය?

ඉතාම ලස්සනට සංගීතයෙන් අපි දෙන්නගේ ජීවිතයත් ගෙවිලා යනවා. සුන්දර ජීවිතයක්.

සනුක ඉඳලා හිටල වැඩක් කළත් ගොඩක් හිට් වෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඇත්තටම මොකක්ද ඒකේ රහස?

ඒක නම් ඇත්තටම දන්නේ නැහැ. අනික අපේ එහෙම කිසිම පාලනයක් නැහැ. ගොඩක් වෙලාවට මම බලනවා මගේ උපරිමයෙන් සංගීතය සපයන්න. නිර්මාණයක් කරද්දි අපි දෙන්නා සෑහීමකට පත්වුණාට පස්සේ තමයි ඒක ජනතාවට තිළිණ කරන්නේ. හැම නිර්මාණයක් වෙනුවෙන්ම උපරිමයෙන් මහන්සි වෙනවා.

වින්ඩිගේ ගායන හැකියාව ගැන සනුකට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?

මට ඉතාම සතුටුයි. වින්ඩිගේ දෙමාපියන්ගෙන් වින්ඩිට ලැබුණු ලොකුම දායාදය ඒක. ඊට අමතරව මම වින්ඩිව දකිනවා හොඳ ගුණගරුක මනුස්සයෙක් විදිහට.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment