එංගලන්තයේදී අයාලේ ගිය තිදෙනාට චෝදනා පත‍්‍ර සකස් කරයි

279

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී ජෛව ආරක්‍ෂිත බුබුළට අදාළ සීමා ඉක්මවා යමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති සීමිත පන්දුවාර කි‍්‍රකට් උපනායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන්ට විරුද්ධව මේ වනවිට චෝදනා පත‍්‍ර සකස් කරමින් පවතින බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ ක‍්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය සඳහා පස්දෙනකුගෙන් යුත්  විනිසුරු මඬුල්ලක් පත්කර තිබිණි.

විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැුකව, නීතිඥ උචිත වික‍්‍රමසිංහ සහ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.

පසුගිය 29 වැනිදා දිවයිනට කැඳවූ අදාළ කී‍්‍රඩකයන් තිදෙනා මීගමුව තරු තුනේ හෝටලයක නිරෝධායනයට යොමු කළ අතර අදාළ දින 14 ක නිරෝධායන කාලය නිමා වීමෙන් පසු ඔවුහු  පසුගිය 13 වැනිදා හෝටලයෙන් නික්ම ගොස් ඇත.

විනය පරීක්‍ෂණය පැවැත්වෙන තෙක් ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර විනය පරීක්‍ෂණයේ නියමයන්ට අනුව ඔවුන්ට එරෙහි චෝදනා පත‍්‍ර සකස් කෙරෙන බව එම ආරංචි මාර්ග පවසයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment