මැරතන් ශූරි මේරි සමුගනී

440

මැරතන් ලෝක ශූරි මේරි කෙයිටනි සිය ක‍්‍රීඩා ජීවිතයට සමුදීමට තීරණය කර ඇත.

 පිටකොන්ද ප‍්‍රදේශයේ වරින් වර මතුවන ආබාධ තත්ත්වය සිය

 සමුගැනීමට හේතුව බව 39 හැවිරිදි මෙම කොන්යානු ක‍්‍රීඩිකාව මාධ්‍යට සඳහන් කර තිබුණි.

 පැය දෙකයි විනාඩි 17 යි තත්ත්පර 01 ක කාලයක් තුළ 2017 වසරේ ලන්ඩන් මැරතන්් තරගය නිමා කිරීමට ඇය ගත කළ කාලය, කාන්තා මැරතන් ධාවනයේ ලෝක වාර්තාව ලෙස සටහන් වේ.

 ලෝක අර්ධ මැරතන් තරගවල ද ජයග‍්‍රහිකාවක් වන මේරි ලෝක මැරතන් පිටියට අවතීර්ණ වන්නේ 2007 වසරේදී ලෝක අර්ධ මැරතන් තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment