20 න් පහළ බාලක බාලිකා හොකී තරගාවලිය අද ඇරැඹේ

95

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් සංවිධානය කර ඇති 56 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලියේ සමාරම්භය අද (26) පෙ.ව. 08.15 ට මාතලේ එඩ්වඩ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.

ලබන සෙනසුරාදා (29) දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 23 ක් සහභාගි වේ.

මෙවර බාලක සහ බාලිකා තරගාවලියේ මූලික වටය ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 02 ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී බාලක කණ්ඩායම් 08 අර්ධ අවසන් පූර්ව වටයට ද බාලිකා කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට ද තෝරා ගැනේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ජාතික කනිෂ්ඨ කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටීම හේතුවෙන් ආරම්භක තරගයේ සිට අවසාන තරගය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරක් උසුලනු ඇතැයි අනුමාන කෙරේ. මෙවර තරගාවලිය ආශ්‍රිතව සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා සංචිත ගත කිරීමට ද ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment