දුම්රිය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගතකරණයට

295

ජනතාවට ඉතා ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබේ.

මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් දෙකම සපයන දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, මූල්‍යමය සහ මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වන විට පවතින ගැටලුකාරී තත්ත්වය අවම කර ගැනීම ද රජයේ අරමුණු වී ඇත.

දෙපාර්තමේන්තුවේ සියලු පාර්ශ්වයන් වෙතින් දැනටමත් පළවී ඇති එකඟතාව අනුව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පියවර ගෙන ඇත.

වඩාත් යෝග්‍ය ආකෘතියක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment