මලල ක‍්‍රීඩා සම්මේලනයෙන් අර්ධ මැරතන් තරගයක්

159

ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගැනීමේ ශත සංවත්සරය සැමරුම වස් අර්ධ මැරතන් තරගයක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

ශ‍්‍රී ලාංකේය මලල ක‍්‍රීඩාවේ ශත සංවත්සර අර්ධ මැරතන් තරගය සඳහා දකුණු ආසියාතික රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට ආරාධනා කරන බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලන උප සභාපති ජී.එල්.එස්. පෙරේරා මහතා අනාවරණය කළේය.

ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා සම්මේලනයේ සාමාජිකත්වය 1922.01.22 දින ශ‍්‍රී ලංකාවට පිරිනමා ඇති අතර එදින සංකේතවත් කරමින් මෙම අර්ධ මැරතන් තරගය සංවිධානය කර තිබීමද කැපී පෙනේ. ඒ අනුව මෙම තරගය 2022.01.22 දින නුගේගොඩ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

අවුරුදු 18න් ඉහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්හට විවෘත වන මෙම තරගය ස`දහා අයැදුම්පත් භාර ගැනීම 2022 ජනවාරි මස 10 වන දින දක්වා සිදු කිරීමට නියමිතය.

නුගේගොඩ වෙළෙඳ සංකීර්ණය අබියසින් ආරම්භ කෙරෙන මෙම අර්ධ මැරතන් තරගය පන්නිපිටිය, බොරැුල්ල පාර, තලවතුගොඩ, බත්තරමුල්ල හන්දිය, ඇතුල්කෝට්ටේ, ජුබිලි කණුව හරහා පැමිණ නුගේගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපසින්ම අවසන් කෙරේ.

මෙම තරගයට සමගාමීව ඇතුල්කෝට්ටේ සිට නුගේගොඩ දක්වා කිලෝ මීටර් 05 ක දුරකින් සැදුම්ලත් ශරීර සුවතා මාර්ග ධාවනයක් ද සංවිධානය කර තිබීම කැපී පෙනේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment