ක්‍රිකට් කොන්ත‍්‍රාත් ගිවිසුමට ක්‍රීඩකයෝ 18ක් අත්සන් තබති

869

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කී‍්‍රඩකයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ආරවුල් සහගත තත්ත්වය සමතයකට පත් කරමින් කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුම සඳහා කී‍්‍රඩකයින් 18 දෙනකු අත්සන් තබා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ බව සඳහන් කර සිටියේය.

අත්සන් තැබූ කොන්ත‍්‍රාත් ගිවිසුම මාස 05 ක කාලයක් දක්වා වලංගු වන අතර එ් අනුව එය 2021 අගෝස්තු මස 01 වැනිදා සිට 2021 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බල පැවැත්වෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කර සිටී. තාක්ෂණික උපදේශක කමිටුව සමග ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සකස්කරන ලද කොන්ත‍්‍රාත්වලින් කිසිදු අපගමනයකින් තොරව කී‍්‍රඩකයින් විසින් ගිවිසුම අත්සන් කළ බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වැඩිදුරටත් වාර්තා කර සිටී.

දක්ෂතා පදනම් කරගනිමින් නව කී‍්‍රඩක කොන්ත‍්‍රාත් ගිවිසුම සකසා තිබූ අතර කී‍්‍රඩකයින් 24 දෙනකු සඳහා එම කොන්ත‍්‍රාත්තුව ලබා දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් මෙම කොන්ත‍්‍රාත් ගිවිසුම මේ දක්වා අත්සන් තබා නොමැති අතර ධනුෂ්ක ගුණතිලික, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් තහනමකට ලක්ව ඇති හෙයින් මෙම කොන්ත‍්‍රාත් ගිවිසුමෙන් ඉවත්කර තිබේ. මීට අමතරව කී‍්‍රඩකයින් 24 දෙනා අතර සිටි ඉසුරු උදාන මේ වනවිට ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගෙන තිබේ.

එ් අනුව කී‍්‍රඩකයින් 18 දෙනකු පමණක් අදාළ ගිවිසුම සඳහා අත්සන් තබා ඇති අතර ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දිමුත් කරුණාරත්න, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප‍්‍රනාන්දු, ඕෂධ ප‍්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, අශේන් බණ්ඩාර සහ අකිල ධනංජය එම කී‍්‍රඩකයින් වේ.


කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment