මේ වසරේ මාස 5ට රට පුරාම මිනීමැරුම් 255ක්

127

වැඩිම සිද්ධීන් බස්නාහිර හා දකුණේ

මේ වසරේ සිදුවී ඇති මනුෂ්‍ය ඝාතන රැසකට බලපා ඇත්තේ අනියම් සම්බන්ධතා, මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීම්, ඉඩකඩම්, ආරවුල්, මත්පැන් පානය කිරීමෙන් පසු සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇතිවන ආරවුල් ඇතුළු සුළු සුළු කාරණා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා) පැවසීය.

ඒ අනුව මෙම වසරේ (2023) මේ දක්වා (මාස 6 යි දින 20 ක්) තුළ පමණක් මනුෂ්‍ය ඝාතන 255 ක් සිදුව ඇති බවත්, ඉන් වැඩිපුරම සිද්ධීන් සිදුව ඇත්තේ බස්නාහිර හා දකුණු පළාතේ බවත් හෙතෙම කීය.

එසේම ගිය වසර (2022) තුළ වෙඩි තැබිමේ සිද්ධීන් 60 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බවත්, මෙම වසරේ (2023) මේ දක්වා වෙඩි තැබිමේ සිද්ධීන් 34 ක් වාර්තා වන බවත් හෙතෙම කීය.

දිවයිනේ සිදුවන අපරාධ මැඬලීමට පොලිසිය විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් තිබෙන බව ද හේ කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment