මුදල් හුටපටයකට නිවසක් කොල්ලකෑ පෙම්වතුන් යුවළ රිමාන්ඩ්

1375

හොර රහසේ නිවසකට ඇතුල් වී නිවසේ භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට චෝදනා ලැබූ පෙම්වතුන් යුවළක් මේ මස 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට තඹුත්තේගම මහෙස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා ඉකුත් 19 දා නියෝග කර සිටියේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ උස්ගල, සියඹලන්ගමුව පදිංචි යසිරු සඳරුවන් සහ කටියාව පදිංචි අනූෂා මධුමාලි නමැති දෙදෙනෙකි.

මෙම පැමිණිලිකාර ගෙහිමි කාන්තාව විසින් 2021 වර්ෂයේදී මෙම මෙම සැකකාර ප්‍රේමවන්ත කාන්තාවගෙන් රුපියල් ලක්ෂයක මුදලක් පොලියට ලබාගෙන ඇතත් ඒ වෙනුවෙන් එක් පොලී වාරිකයක් පමණක් ගෙවා දැමුවත්, ඉතිරි මුදල හෝ පොලිය මේ වනතුරුත් ලබා නොදීම හේතුවෙන් ඇය තම පෙම්වතා සමග හොර රහසේ ගෙහිමි කාන්තාවගේ නිවසේ පිටුපස දොරෙන් නිවසට ඇතුලු‍ වී නිවසේ තිබූ, හාල්, පොල්, ශීතකරණයක්, රූපවාහිනී යන්ත්‍රයක්, ගෑස් සිලින්ඩරයක්, සහ නිවසේ තිබූ රුපියල් ලක්ෂ තුනක් ඇතුලු‍ව රුපියල් ලක්ෂ අට හමාරකට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිලිකාරියගේ සහ අදාළ සැකකරුවන්ගේ ප්‍රකාශවලින් මෙම තෛාරතුරු ලැබී තිබිණි.

තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ සැරයන් (35146) විසින් අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

මකුලැව එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment