දෙදරු පියා මරා දැමූ සැකකරුවෝ නිදැල්ලේ

1534

වැලිගම මිදිගම ප‍්‍රදේශයේ දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. ත‍්‍රිරෝද රථයක් පදවා ගෙන පැමිණි තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනකු විසින් මෙම පහරදීම් සිදු කරන අයුරු සීසීටීවී දර්ශනවල සටහන් වී ඇත.

මෙලෙස මියගොස් තිබෙන්නේ මිදිගම ගස්මුල්ල වත්ත ලිපිනයෙහි පදිංචි එල්. ඉෂාර සංජීව නමැති තිස් හය වියැති දෙදරු පියෙකි. අමිල විජේසේකර නොහොත් දේනුවල පෝක් අමිල නැමැති තැනැත්තා විසින් මූලික වී මෙම පහරදීම් සිදු කර ඇති බව වැලිගම පොලිසිය පවසයි .

දෙදරු පියා මරා දැමූ සැකකරුවෝ නිදැල්ලේ
මියගිය පියා

ඔහු මත් කුඩු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු රාශියක් තිබෙන අයෙකි. පහරදීමට පෙර පහරදීම් කළ අය සහ මරණයට පත් වූ පුද්ගලයා ගොවියාපාන ප‍්‍රදේශයේ රාත‍්‍රි අවන්හලක වෙන වෙනම මත්පැන් පානය කරමින් සිට ඇත. එම ස්ථානයේ දී සිදු වූයේ කුමක්ද කියා මෙතෙක් අනාවරණය වී නැත. මොහු මරණයට පත්වී තිබෙන්නේ මිදිගම ප‍්‍රදේශයේ මියගිය පුද්ගලයාගේ සහෝදරියකගේ නිවෙසක් අසල අතුරු මාර්ගයක් තුළදීය. මරණයට පත් තැනැත්තා සමග පැමිණි තවත් අයෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පහරදීම් කළ අය කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඞී. එම්. අබේසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධර්මවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යුතු නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

වැලිගම – පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment