සංගීතය බලන්න ගිය තරුණයන්ගේ යකඩ අශ්වයා ලොරියේ ගැටිලා – අයෙක් මරුට – අනෙක් දෙදෙනාට බරපතළයි

247

පුත්තලම – කුරුණෑගල මාර්යේ කල්අඩිය 06 කණුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයකු මිය ගොස් දෙදෙනකු බරපතල තුවාළ ලබා තිබේ.

කල්අඩිය මංසන්ධියේ 23 රාත‍්‍රීයේ පැවති සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණයන් තිදෙනකු මෙලෙස අනතුරට භාජනය වී තිබේ. තිදෙනකු හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් කරමින් සිටියදී ආණමුඩවේ සිට පුත්තලමට ධාවනය වූ ලොරි රථයේ වැදී මෙම අනතුරු සිදු වී ඇති බව පුත්තලම පොලිසියේ රථවාහන අංශය කියයි.

අනතුරින් පුත්තලම සින්නනාගවිල්ළුව පදිංචිව සිටි 26 හැවිරිදි ආර්. එම්. සුනිල් ශාන්ත කුමාර නමැති අයකු මිය ගොස් ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ දෙදෙනාද බරපතළ තත්වයේ පසුවන අතර එක් අයකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා තිබේ.

ලොරි රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබදව පුත්තලම පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වනු ලබයි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment