O/L ලියන්න ගිය ළමා නිවාසයේ දැරියන් තිදෙනා පලාගිහින්

104

ගාල්ල, කිතුලම්පිටිය සහතික කළ රැඳවුම් නිවාසයේ රඳවා සිටින දැරියන් තිදෙනකු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ගිය අවස්ථාවේ එම දැරියන් තිදෙනා පලාගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මෙම දැරියන් තිදෙනා අධිකරණ නියෝග මත රැඳවුම් නිවාසයේ රදවා සිටින අතර ඉකුත් 06 දා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ළමා නිවාසයෙන් පිටවගොස් ඇත. විභාග මධ්‍යස්ථානයේ දී මෙම දැරියන් තිදෙනා පලාගොස් ඇති බවට ළමා නිවාසයේ පාලිකාව විසින් ඉකුත් 07 වැනිදා ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇත. ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද, එස් කේ කළුආරච්චි ගාල්ල, අහංගම සුගතපාල දියගහගේ සහ වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment