බිරිඳට දරුවන් නැතැයි කිපී සැමියා මරියතුමියගේ ප්‍රතිමා 6 ක් කඩලා

177

විවාහවී වසර දහයක් ගත වුවද තමාගේ බිරිඳට දරුවකු නොලැබීම නිසා වේදනාවට පත් පුද්ගලයකු මරියතුමියගේ දේව ප්‍රතිමා හයකට හානි කිරීම සම්බන්ධයෙන් යාපනයේ මානිපායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම පුද්ගලයා හින්දි බැතිමතකු වන අතර ඔහුගේ බිරිඳ කිතුනු මැතිමතියක වේ. පවුලට දරුවකු නැති නිසා මෙම අඹු සැමියන් අතර නිතර නිතර ආරවුල් සිදුවී තිබේ.

දෙවියන් විශ්වාස කළත් ඵලක් නැහැ කියා ඔහු පෙරේදා (29 දා) බියර් කෑන් පහක් පානය කර මුලින්ම නිවස ඉදිරිපිට තිබූ මරියතුමියගේ දේව ප්‍රතිමාවට හානිකර යතුරුපැදියක නැඟී ගොස් වෙනත් නිවෙස් ඉදිරිපිට තබා තිබෙන තවත් ප්‍රතිමා පහකටත් මෙසේ හානිකර ඇති බව මානිපායි පොලිසිය කියයි.

මෙම ප්‍රතිමා තැන්පත්කර තිබූ වීදුරු කූඩු හතරකට සහ ප්‍රතිමා දෙකකටද හානි සිදුවී තිබේ.

මරියතුමියගේ ප්‍රතිමා ඉල්ලක් කර ගෙන ඇත්තේ මෙම පවුලේ අර්බුදය විසඳීමට මරියතුමියගේ පිහිට නොලැබුණු නිසා බව පොලිසිය කරන විමර්ශනවලදී හෙළිවී ඇත.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment