පිටස්තරයන්ට පෑලියගොඩ කඩ දුන්නොත් දින 2 ක් රටේම ආර්ථික මධ්‍යස්ථාන වහනවා

210

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිති උප සභාපති

පිටස්තර පුද්ගලයන්ට පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කඩ පවරා දීමට නාගරික සංවර්ධන අධිකාරිය දරන උත්සාහය නතර නොකරන්නේ නම් ඉදිරියේ දිනක් හෝ දින දෙකක් දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සමඟ එක්වී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ දහසකට අධික සියලු වෙළෙඳසල් වසා විරෝධය පළකරන බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා ‘දිවයින’ ට ඊයේ (30 වැනිදා) පැවැසීය.

මෙහිදී එළවළු මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතු බවද හෙතෙම කීය.

උප සභාපති සමරතුංග මහතා මෙසේද කියා සිටියේය.

නාගරික සංවර්ධන අධිකාරිය කරන මේ කැත වැඩේ නතර වෙන්න ඕනේ. පිටස්තර අයට මේ මාර්කට් එකේ කඩ දෙන්න යන වැඩේ නතර වෙලා නැහැ. අපේ කී දෙනෙක් ඉන්නවද කඩ නැතිව. අපේ අයට කඩ දෙන්නෙ නැතිව පිට අයට කඩ දෙනවානම් ඉදිරියේ දිනක් හෝ දින දෙකක් අපි ආර්ථික මධ්‍යස්ථාන සමඟ එක්ව කඩ වහලා විරෝධය පානවා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment