බැචලේගේ සෙට් එකට රජයෙන් තහංචියක්

587

ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජනරාල් කමල් ගුණරත්න හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව යුද අපරාධ සාක්‍ෂි ලබාගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ මහත්මිය විසින් ශ‍්‍රී ලංකාවට එවීමට සූදානම් කර ඇති විශේෂ නියෝජිත කණ්ඩායමට මෙරටට ඇතුළුවීම රජය තහනම් කර ඇත.

මිචෙලි බැචලේගේ නියෝගය මත මෙම විශේෂ කණ්ඩායමට නඩු අධ්‍යක්‍ෂවරයකු, පරීක්‍ෂකවරයකු, භාෂා පරිවර්තකයෙක් ඇතුළු පස් දෙනකු අයත් වෙති.

ඔවුන්ට ශ‍්‍රී ලංකාවේ කටයුතු කිරීමට ඉඩ නොදෙන්නෙමු යැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මානව හිමිකම් කොමසාරිස්වරිය සිය මැන්ඬේට් බලය ඉක්මවා සාක්‍ෂි එකතු කිරීම සඳහා මෙම කණ්ඩායම පත් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහි සාක්‍ෂි එකතු කිරීමේ යාන්ත‍්‍රණයට ඩොලර් මිලියන 28 ක් වැය වේ.

බැචලේගේ එම කණ්ඩායම උතුරු නැගෙනහිරට ගොස් අතුරුදන් වූවන්ගේ පවුල්වල අය සහ ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ද හමුවීමට නියමිතව තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment