කේන්ද්‍රයෙන් පෙන්වන ඔබේ වාසනාව

2550

කෙනකුගේ වාසනාව කේන්ද්‍රය තුළ ගැබ්වී තිබේ. අපට ඒ වාසනා මහිමය කේන්ද්‍රය තුළින් මනාව දැකිය හැක. ඇතැම් විට ග්‍රහයෝග තුළින් ද ඒවා දිස්වෙයි. තනිව ඒ ඒ තන්හි ග්‍රහයන් යම්සේ සිටී ද ධනය ලබා දෙන යෝග ඒ අතර වෙයි. මේ අනුව පහත දක්වන පරිදි ඒ ඒ ග්‍රහයන්ගේ පිහිටීම් අනුව කෙනකුට ධනය වර්ධනය වන පිහිටීම් සහ ඒවා එසේ වර්ධනය නොවුන හේතු ද අවබෝධ කරගත හැකි වේ. මේ විදියට ග්‍රහයෝග යෙදී ඇත්නම් මේ මේ විදියට මේ මේ ආකාරයට ග්‍රහයන් සිටී නම් මේ ආකාරයට ධනය ලැබීම් අතිකරයි කියා ඉපැරණි ඍෂිවරුන් දක්වා ඇත්තේ බොරුවට, නිකමට නොවේ. ඔබට එහෙම තිබී එම ග්‍රහ දසා කාලවල ඔබට එවැන්නක් නොලැබුණේ නම්, ඒ ඔබට යම් බාධාවක් එයට බලපාන බැවිනි. එය කවරේද? දුරු කරන්නේ කෙසේ ද කියා මේ ලිපියේ අගට විස්තර වේ. තනිව ඒ ඒ රාශි හා භාවවල ඒ විශේෂිත ග්‍රහයන් සිටි විට ඍෂිවරු පෙන්වා ඇති ආකාරයට මෙසේය.

රවි ග්‍රහයා කේන්ද්‍රයේ 11 සිටී නම් වස්තු සම්පත් සැපය – නිරෝගි බව ඇති කෙරේ. බලවතුන් ඇසුරට ලැබේ. 11 වැනි කොටුව මේෂ රාශිය වුවහොත් ඒ තත්ත්වයන් දෙගුණ තෙගුණ වේ. කුජ ග්‍රහයා 06 වැන්නේ සිටියාම ධෛර්යමත් බව ද වස්තු සම්පත් ද රජුන්ගෙන් සැලකිලි ද ලබයි. බුධ ග්‍රහයා කේන්ද්‍රයේ 2 වැන්න කන්‍යා රාශිය වී එහි සිටිත්නම් වස්තුව ද සැපය ද ලබා දෙයි. ස්ත්‍රී සැප ද ලබා දෙයි. ගුරු කේන්ද්‍රයේ දෙවැන්න වී එය වෘෂභ රාශිය වී නම් වාසනාව ද සැප සම්පත් හා වස්තු සම්පත් ඇති කරයි. කේන්ද්‍රයක ධනු රාශිය දෙවැන්න වී එහි සිකුරු සිටී නම් වස්තුව ද රාජ්‍ය තනතුරු ද ලබයි. 10 වන කොටුව මීන රාශිය වී එහි සිකුරු ඇත්නම් මහා ධනවන්තයෙක් වේ. සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයේ 11 වැන්නේ සිටීම ධනය ලබාදෙන පිහිටීමකි. එම ස්ථානය තුලා – කම්භ මකර ආදී ලග්නයක් නම් වඩාත් සුබය. මෙසේ කියන ලද ග්‍රහයන් සේම රාහු ද 11 වැන්නේ සිටීම ධනය ලබාදෙන පිහිටීමකි. එය කන්‍යා – මකර – කුම්භ යන ලග්නයක් වීමෙන් වඩාත් ධනය ලබාදෙන පිහිටීමකි. එසේම මනුෂ්‍යයාට තවත් ධන වාසනා ඇති කරන ග්‍රහයෝග තිබේ. මේ අනුව කේන්ද්‍රයේ 11 වැන්න අධිපතියා ධනස්ථානයෙත් ධනස්ථාන අධිපතියා 11 වැන්නෙත් සිටිමින් උදාවන පරිවර්තන යෝගය ද ධනය ලබා දෙන බලයකි. ඒ වගේම කේන්‍ද්‍රයේ ධනස්ථාන අධිපතියා කේන්ද්‍රයේ 5 වැන්නේ සිටී නම් එම තැනැත්තා ජීවිත කාලය තුළ විශාල ධන වාසනාවක් උදාකර ගන්නා බවට ඍෂිවරුන් දක්වා තිබේ. ලොතරැයි ජය ද එමගින් හිමිවේ.

එමෙන්ම ජීවිත කාලය පුරා තමන්ට ධනය හිමි වන මාර්ග හැටියට රැකීරක්‍ෂා සම්පාදනය වන යෝග ද පවතී. කෙනකුගේ සෙනසුරු ග්‍රහයා මේෂ – වෘශ්චික යන රාශි දෙකෙන් එකක සිට ඔහුට කුජ ග්‍රහයා පෙනේ නම් ඉංජිනේරුමය හැකියාව ලබා ඒ තුළින් ආදායම් උපදවාගත හැක. එසේම සෙනසුරු තුලා – වෘෂභ යන රාශියකින් එකක සිටීමත් ඒ සෙනසුරුට සිකුරු පෙනීම සිදුවී ඇත්නම් මුදල් සම්බන්ධ විෂයයන් ධාරණය කර ඒ තුළින් මුදල් උපයාගත හැකිය.

කේන්ද්‍රයක සෙනසුරුට රවි ග්‍රහයාත් රාහුත් කුමන ආකාරයෙන් හෝ සම්බන්ධයක් ඇත්නම් ඔහුට වෛi විiාව ප්‍රගුණ කිරීමේ හැකියාවත්, ඒ තුළින් මුදල් ඉපයීමටත් ජීවිත කාලය පුරා හැකියාව ඇති කරයි. එසේම කේන්ද්‍රයක ගුරු ග්‍රහයා සිටින තැනින් හත්වැන්නේ සඳු සිටින්නේ නම් ඒ කෙනාට අලි, ඇතුන් පවා හිමිවන තරමට මහා ධන බලයක් ලබාදෙන ‘ගජකේශරී’ නම් ධන යෝගයක් පවතින බව ඍෂි මතය වේ.

මෙසේම ව්‍යාපාර ආරම්භ කිරීමට – ගෙවල් දොරවල් හැදීම ආරම්භ කිරීමට, ජීවිතේ වෙනත් සුබ කටයුතු ආරම්භ කිරීමට නැකැත් තෝරා ගන්නේත් තමන්ට ධනය පහසුවෙන් උපයා ගත හැකි පරිද්දෙන් වටපිට සකසා ගත හැකි ඉතා සුබ නැකතක් තෝරා ගැනීමෙනි. එයත් ධනකාරකත්වය ඇතිකර ගත හැකි අවස්ථාවකි.

මේ තත්ත්වයන් ඍෂිවරු හඳුන්වා ඇත්තේ බොරුවට නොවේ. මේවා පරම සත්‍ය දේවල්ය. නමුත් මෙවන් ග්‍රහ පිහිටීම් කේන්දරවල පිහිටා ඇතත් ඒ සුබ ඵල ජීවිතයට නොලැබුණ බොහෝ අය සිටී. එසේ සිදුවන හේතුව කුමක්දැයි විමසිය යුතුය. මාගේ අත්දැකීම් අනුව ගජකේශරී යෝගය තිබුණ අය මට හමුවී තිබේ. එය මහා ධන යෝගයකි. නමුත් ඔවුන්ට එවැනි ධන වාසනාවක් හිමිවී නැත. ඇතැම් අයට වෛi යෝගය පැවතියත් ඔවුන් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන තිබේ. මේ තත්ත්වය වැඩිම පිරිසකට බලපාමින් එවැනි ධන වාසනාවන්ගෙන් තොර ජීවිත ගත කරයි.

මෙයට මුල්වන හේතුව අපල වෙයි. අපල යන්නෙහි තේරුම පල නැති යන්නය. මේ තත්ත්වයන් දහමට අනුව අකුසල් ප්‍රතිවිපාක ලෙස දක්වයි. ඒ ගැන දහම ඇසුරෙන් දීර්ඝව මම නොකියමි. අපල යන්නෙහි තේරුම සපලත්වය නැත යන්නයි. එම සපලත්වය ඇතිවීමට අවශ්‍ය “කුසල උපස්ථම්භක” යන විශ්ව බලය ඔවුන්ගෙන් ඉපදී නැත. ඉපදී ඇතත් එය දුර්වලය. මෙවන් බල උපදින්නේ අනුන්ගේ යහපත පිණිස පරිත්‍යාගශීලී කටයුතු කිරීම් ද දානමානාදී පුණ්‍ය ක්‍රියා ද කිරීමෙනි. ඒ දේවල් තමාට ධන වාසනා උදාවීමට බලපාන හේතූන්ය. පෙර ආත්මයේ එවැනි දේවල් කර බලය උපද්දවාගෙන ඇත්නම් මේ ආත්මයට ඒවායේ පල ලැබේ. මේ ආත්මයේ ඒ දේවල් කිරීම එන ආත්මයට වාසනා මහිමය වෙයි. මේ ආත්මයේ කරගන්නා එවැනි දේවල් නිසා මේ ආත්මයට ද පෙර ආත්මේ කළ එවැනි දේවල් වේගයෙන් පැමිණේ.

එවැනි තත්ත්වයක් පවතින අයට පමණක් කේන්ද්‍රවල පෙන්වා ඇති ධන වාසනා නිතැතින්ම හිමිවේ. එබැවින් මෙම ධන වාසනා බලවත් කර ගැනීමට අනුන්ගේ යහපත උදෙසා කරන පරිත්‍යාගශීලී කටයුතු ද දානමානාදී කුසලකර්ම ද හැකි තරම් කරගන්න.

කේන්ද්‍රයෙන් පෙන්වන ඔබේ වාසනාව

ජ්‍යොතිෂවේදී අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය
අසල අගලවත්ත
077-2154253

advertistmentadvertistment
advertistmentadvertistment