නත්තලේ පන්සලෙන් පල්ලියට නෑගම් ගිය පානදුරේ ආගමික සහජීවනය

73

ඓතිහාසික පානදුර බොදුන් පුරවරයේ අතීතයේ පටන් පවත්වාගෙන එන ආගමික සහජීවනය හා එකමුතුකම සංකේතවත් කරමින් පසුගිය නත්තල් දින පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති පානදුර කළුතර දෙතොටමුණේ ප්‍රධාන සංඝනායක රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ මගපේවීම පරිදි පන්සලෙන් පල්ලියට යන තේමාව යටතේ නත්තල් ප්‍රීතිය බෙදා ගැනීම සඳහා ස්වාමීන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් පානදුර වලාන වික්ෂෝප දේව මාතා දෙව්මැඳුර වෙත පැමිණීම සිදුවිය.

එහිදී දෙව්මැඳුර පාලක පියතුමා සමගින් යහපත් එඬේරා කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය මේරි රේණුකා ද සිල්වා පැවිදි සොයුරිය සමගින් කිතුනු ජනතාව ඉතාමත් ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව කෙටි සංග්‍රහයක් පැවැත්විය. ලෝකය ජයගෙන, නව සමාජයක් ඇති කිරීම සඳහා භේද දුරලා කවුරුත් එකාවන්ව මනුෂ්‍යත්වය නාමයෙන් ජීවත් වියයුතු බවත්, ලොව්තුරා බුදුරාජාණන් වහන්සේ අගය කළේ සමගිය හා එකමුතුකම වන අතර ජේසුස් වහන්සේ ලොව ප්‍රකාශ කළේ ඒ සමගිය හා මිත්‍රත්වය බව එහිදී පොතුපිටියේ පඤ්ඤාසේකර නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කළහ.මේ අවස්ථාවට පානදුර මීසම් සහායක ශානක මෙන්ඩිස් පියතුමා සමගින් පානදුර දකුණ පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ විද්වතුන් පිරිසක් සහභාගි විය.

චින්තක ද මැල්

නත්තලේ පන්සලෙන් පල්ලියට නෑගම් ගිය පානදුරේ ආගමික සහජීවනය
advertistmentadvertistment
advertistmentadvertistment