ගාමිණී නැතිවී හෙටට වසර 19 යි

287

අග්‍රගණ්‍ය රංගධර සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා දැයෙන් සමුගෙන හෙටට වසර 19 ක් පිරෙයි.

මේ නිමිත්තෙන් කොළඹ මරදානේ පිහිටි ගාමිණී පිළිරුවට පුෂ්පෝපහාර පිදීම හා අසෝක සෙනරත් මුදලිගේ ගාමිණී වෙනුවෙන් හැම වසරක් තුළම පවත්වන ලේ දන්දීමේ පිංකම නාරාහේන්පිට ජාතික ලේ දන්දීමේ මධ්‍යස්ථානයේදී මෙවරද උදේ 9.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.

වාර්ෂිකව ප්‍රදානය කෙරෙන සම්මාන මෙවර ගාමිණීගේ සාගරයක් මැද චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි කමල් අද්දරආරච්චි, ශ්‍රීයන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි, මහේන්ද්‍ර පෙරේරා වෙතද පිරිනමන අතර සෙසු සම්මාන ශ්‍රීනාත් මද්දුමගේ, සිනමා පුවත්පත් කතුවර නුවන් නයනජිත් කුමාර, ජයන්ත රණවක, ක්‍රිෂ්ණි ජෝතිපාල, ප්‍රසන්න ෆොන්සේකාට ද මෙහිදී සම්මාන ප්‍රදානය කෙරේ. මේ දක්වා ගාමිණි වෙනුවෙන් සිනමාකරුවන් නළු නිළියන් හා කාර්මික ශිල්පීන් 31 ක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කර ඇති අතර එසේ කර ඇත්තේ ගාමිණී ෆොන්සේකා රංගධරයාණන් මේ රටේ සිනමා වෘත්තියේ ගෞරවය රැකදීමට දිවි හිමියෙන් කළ මෙහෙවර ඇගැයීමට බව අසෝක සෙනරත් මුදලිගේ සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment