SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙයි

46

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, Business Today TOP 40 2022-2023 ලැයිස්තුවට එක් වූ එකම දුරකථන සමාගම බවට පත්වෙමින්, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ තම පුරෝගාමීත්වය නැවත වරක් තහවුරුකර ගැනීමට පසුගියදා සමත් විය. මෙය රට තුළ පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අඛණ්ඩව ඉදිරියට යාමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ වැඩිම බලපෑමක් ඇතිකිරීමට සමත්වන සමාගම්වලට Business Today සඟරාවේ TOP 40 2022-2023 ලැයිස්තුගතකිරීම්වලට ඇතුළත් වීමට අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන බලවේගයක් බවට පත්වෙමින්, රටේ ඩිජිටල් පරිසරය හැඩගැස්වීම සඳහා ඉටුකළ වැදගත් භූමිකාව වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම අවස්ථාව හිමි විය.

විශේෂයෙන්ම වැඩි පිරිසක් වෙත සම්බන්ධතා සහ ඩිජිටල් පහසුකම් සමීප කරමින්, ශ්‍රී ලංකාව වඩාත් සම්බන්ධිත සහ තාක්ෂණික වශයෙන් දියුණු අනාගතයක් වෙත රැගෙන යාම සඳහා නවෝත්පාදනය ඔස්සේ SLT-MOBITEL ඉටුකළ මෙහෙවර මෙහිදී විශේෂ ඇගයීමකට ලක් වී තිබේ. මීට අමතරව, මූල්‍ය කාර්යසාධනය, ක්‍රමෝපායික වැඩසටහන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවණතා සම්බන්ධයෙන් ඇතිකළ බලපෑම යනාදී සාධකද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment