කුණු මාළු කිලෝ 5670 ක් මීගමුවේදී අත්අඩංගුවට

183

රුපියල් තිස්හතර ලක්‍ෂ දෙදහසක් වටිනා පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 5670ක් හලාවත සිට මීගමුව ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී කොච්චිකඩේ පොලිසිය මගින් පෙරේදා (31 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතා වෙත ලද තොරතුරකට අනුව පරිභෝජනයට නුසුදුසු මාළු තොගය සමග ලොරියක් හා රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මාළු කොහේ සිට කොතැනට රැගෙන යමින් තිබුණේද යන්න හෙළිවී නැත. ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මීට පෙරාතුව කොළඹ වරායේ තිබූ කුණු මාළු තොගයක් ද කිසියම් ව්‍යාපාරිකයෙක් විසින් රැගෙන ගිය අතර මෙම මාළු තොගය එයට සම්බන්ධ ද යන්න පිළිබඳ සොයා බලන බව පොලිසිය පැවසීය.

කෙළවල්ලා හා බල මාළු කිලෝ ග්‍රෑම් 5670ක් රැගත් ෆීසල් වර්ගයේ ලොරි රථය තෝප්පුව පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩි, උප පොලිස් පරීක්‍ෂක චන්ද්‍රදාස ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන සිදුකරති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment