ආසියානු කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

98

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට පසුගියදා රැස්වූ ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් ලෙස මෙවර තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වන එම තරගාවලිය එළඹෙන ජූලි 19 වැනිදා සිට 24 වැනිදා දක්වා දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව, නේපාලය හා තායිලන්තය මෙවර තරගාවලියට සහභාගි වේ. මෙවර තරගාවලියේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා තරගාවලියේ සියලුම තරග විනිසුරුවන් හා තීරකයන් සඳහා කාන්තාවන් පත් කිරීමට නියමිතය. 2004 වර්ෂයේදී ආරම්භ වූ කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ 09 වැනි අදියර මෙවර පැවැත්වෙන අතර මේ දක්වා පැවති අදියර අතරින් 2004 හා 2008 තරග අදියර දෙකෙහි සත්කාරකත්වය ද ශ්‍රී ලංකාව දරා ඇත. මෙම තරගාවලියේ ශූරතා 7ක් ඉන්දියාව සතුවන අතර, එක් ශූරතාවක් බංග්ලාදේශය දිනාගෙන ඇත. ශ්‍රී ලංකාව අනුශූරතාව අවස්ථා 5කදී දිනාගෙන ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment