පරාටේ නීතිය අත්හිටුවීමෙන් කර්මාන්තකරුවන්ට බැංකු ණය දීමේ අපහසුතා – මහ බැංකු අධිපති කියයි

145

රජය විසින් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම නිසා බැංකුවලින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ අපහසුවක් ඇති විය හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

මේ තීරණය නිසා ණය ලබාදීමේ පහසුව වැඩි නොවන බවත් මෙය ණය සැපයීමට හොඳ නැති බවත් මහ බැංකු අධිපතිවරයා ඊයේ (26දා) මහ බැංකු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මේ තුළින් බැංකුවලින් ණය ලබාදීම අදිමදි වෙන්න පුළුවන්. බැංකු ණය ලබාදෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල්වලින්. ඒ තැන්පත්කරුවන්ගේ මුදල්වලින් දුන් ණය අයකර ගැනීමට බැංකුවලට බාධාවක් තියෙනවා නම් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේදී බැංකු විසින් මීට වඩා යම්කිසි ආකාරයක පරිස්සම් වීමක් වෙන්න පුළුවන්.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment