බම්බලපිටියේ වෙඩි තැබීමෙන් සුරාබදු සිව් දෙනාම නිදොස් කොට නිදහස්

168

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී අණ නොතකා පලා යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ගමන්ගත් බව කියන වාහනයකට බම්බලපිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් සැකකාර සුරාබදු නිලධාරීන් සිවුදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (11 දා) නියෝග කළේය.

එම නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට හෝ ඉදිරි විමර්ශන සිදු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දෙමින් බම්බලපිටිය පොලිසිය කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම වෙඩි තැබීම පසුගිය මස 7 වැනිදා බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී සිදුවී ඇති බවත් වෙඩි තැබීම නිසා කිසිවකුට තුවාල වී ඇතැයි වාර්තා වී නැතත් අතහැර දැමූ රථය පමණක් සොයාගෙන ඇති බවත් පෙර නඩු දිනයේදී පොලිසියට වාර්තා කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment