වැල්ලදුර වතුයායේ කඩා ඉවත් කළ කම්කරු නිවෙස හදන්න – ඇමැති ජීවන් තොණ්ඩමන් කියයි

137

කහවත්ත වැවිලි සමාගමට අයත් වැල්ලදුර වතුයායේ බුංගිරිය ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද වතු කම්කරු නිවෙසක් වතු සමාගමේ ආරක්ෂක නිලධාරීන් විසින් ඉවත් කිරීමේසිද්ධිය සොයා බැලීමට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පෙරේදා (10දා) එම වතුයායට පැමිණියේය. එම නිවසේ විශ්ව විද්‍යාල වරම් ලද සිසුවියක් ජිවත්වෙන බවද ඇමැතිවරයාට කරුණු දැක්වූ ප්‍රදේශවාසීහු සඳහන් කළහ. එහිදී වතු සමාගමේ ආරක්ෂක නිලධාරීන්ට වතු කම්කරුවන් බැණ වැදී තර්ජනය කර ඇතැයිද වතු සමාගම පවසයි. වතු බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු එම පවුලට එම ස්ථානයේම තාවකාලික නිවෙසක් ඉදිකිරීමට ඇමැතිවරයා උපදෙස් දුන්නේය. විශ්ව විද්‍යාල වරම් ලද එම වතු කම්කරු පවුලේ තරුණියට ශිෂ්‍යත්වයක් ලබාදෙන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය වතු බලධාරීන් පවසන්නේ මෙම තාවකාලික නිවෙස කිසිදු දැනුම්දීමකින් තොරව ඉදිකරන ලද්දක් බවයි. තාවකාලිකව ඉදි කළ නිවසේ අයට වතු සමාගමේ සේවයට පැමිණෙන ලෙසද දැනුම් දී ඇතැයි වතු ප්‍රධානියෙකු පැවසීය. වතු සමාගමට අයත් ඉඩම්වල අනවසරයෙන් පදිංචිවීම නීති්‍යානුකූල නොවෙන බවත් එවැනි අනවසර පදිංචිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවත් නැතිනම් වතු ඉඩම් ආරක්ෂා කිරීම බරපතළ ගැටලු‍වක් වන බවත් කහවත්ත වතු සමාගමේ නිලධාරියෙකු පැවසීය.
කහවත්ත සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment