අයවැය හිඟය රු. බිලියන 2404 ක් ගිය වසරට වඩා බිලියන 71 ක වැඩිවීමක්

157

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2023 වසර සඳහා වූ අයවැය ලේඛනයෙන් ලබන වසරේ අයවැය හිඟය රු. බිලියන 2404 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

මේ අනුව මේ වසරට (2022) වඩා ලබන වසරේ (2023) සමස්ත අයවැය හිඟය රු. බිලියන 71 කින් (රු. කෝටි 7100 කින්) ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මුළු අයවැය හිඟය නියෝජනය කරන ලබන වසරේ මුළු ඇස්තමේන්තුගත ආදායම සහ ප්‍රදාන රු. බිලියන 3415 ක් ලෙස සහ මුළු ඇස්තමේන්තුගත වියදම රු. බිලියන 5819 ක් ලෙස ද ඇස්තමේන්තුගත කර ඇත. එම රු. බිලියන 2404 ක අයවැය හිඟය පියවා ගනු ලබන්නේ රු. බිලියන 1844 ක දේශීය ණය ගැනීම් සහ රු. බිලියන 560 ක විදේශ මුලාශ්‍රවලිනි.

2023 අයවැය හිඟය පියවන අයුරු

සමස්ත අයවැය හිඟය රු. බිලියන 2404

දේශීය මූල්‍යනය රු. බිලියන 1844

විදේශ මූල්‍යනය රු. බිලියන 560

මුළු මුල්‍යනය රු. බිලියන 2404
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment