තෙල් වෘත්තීය සමිති සභාපතිගේ ඥාතීයෙක් කෑන්වලින් ඉන්ධන පන්නද්දී අතේ මාට්ටු

307

කොළොන්නාව ඛනිජතෙල් පර්යන්ත සමාගමේ වෘත්තීය සමිතියක සභාපතිවරයකුගේ දියණියක් ඇතුළු කිහිපදෙනකු නීත්‍යානුකූල නොවන ආකාරයට කෑන් සහ බූලි වලින් ඉන්ධන රැගෙන යමින් සිටියදී එහි ආරක්‍ෂක අංශවලට හසුවී ඇත.

පර්යන්ත සමාගමේ සේවකයන්ට දින තුනකට වරක් වාහනවලට ඉන්ධන ලබාදෙන අතර, කෑන් සහ බූලි වලට ඉන්ධන රැගෙන යෑම තහනම් කර තිබේ. එහෙත් ඇතැම් සේවකයන් නීත්‍යානුකූල නොවන ආකාරයට බූලි වලට සහ කෑන්වලට ඉන්ධන රැගෙන සිය වාහනවල සඟවා පිටතට ගෙනයන බවට එහි සභාපතිවරයාට සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට දැන ගැනීමට ලැබී ඇත.

එවැනි ක්‍රියා නවත්වන ලෙසට ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් මත එහි ආරක්‍ෂක අංශ විසින් වාහන පරීක්‍ෂා කිරීමේදී වාහන තුළ සඟවා තිබූ ඉන්ධන බූලි සහ කෑන් ආරක්‍ෂක අංශ භාරයට ගෙන ඇත. බූලි සොයාගත් කිහිපදෙනා අතර විගණන අංශයේ නිලධාරිනියක ඇතුළු විවිධ අංශවල අය සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment