ඇමැතිකමක් නොලැබුණාට මට අද හරිම සතුටුයි – ජගත් පුෂ්පකුමාර

327

ආණ්ඩුවේ ඇමැතිකමක්, නියෝජ්‍ය ඇමැතිකමක් හෝ රාජ්‍ය ඇමැතිකමක් නොලැබීම සම්බන්ධයෙන් තමන් අද පුදුමාකාර සතුටකට පත්ව සිටින බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මොනරාගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ‘දිවයින’ට ඊයේ (21දා) පැවසීය.

ඇමැතිකමක් ලැබුණ නම් තමාට සිදුවන්නේ ඇමැතිකමේ රහ විඳ විඳ ජනතාවට බොරු කිය කියා සිටීමට බවද, වාසනාවට මෙන් ඇමැතිකමක් නොලැබුණ නිසා බය නැතුව ජනතාව අතරට ගොස් ඔවුන් සමග දුක සැප

බෙදාගැනීමට තමන්ට හැකි බවද පැවසූ ඒ මහතා ඇමැතිකමක් තිබුණ කාලේ ජනතාවට හොඳට වැඩකළ බවද පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජගත් පුෂ්පකුමාර මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ වාඩිවිය යුතු බවට තීරණය කළහොත් එම තීරණයට අනුව කටයුතු කරන බවත් පක්‍ෂය කඩාගෙන යෑමට තමන්ට කිසිම අදහසක් නැති බවත් කියා සිටියේය.

රට පුරා පැතිරී තිබෙන ගෑස් හිඟය, ඉන්ධන හිඟය, කිරිපිටි ඇතුළු බඩු මිල ඉහළ යෑම වැනි ජනතාවට ඍජු ලෙසම බලපාන ගැටලූ පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ජනතාවට උත්තර දියයුතු බවත්, තීරණ ගැනීමේදී ආණ්ඩුවේ මන්තී‍්‍රවරයකු වුවත් තමන් ඒ පිළිබඳව වගකීම භාර ගැනීමට සූදානම් නැති බවත් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

පි‍්‍රයදර්ශන ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment