අත්‍යවශ්‍ය බඩු මිල පාලනය කිරීමට බැහැ කියන්න ආණ්ඩුවක් මොකටද? – සජිත් රජයෙන් අසයි

89

ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල හිතු මනාපෙට අහස උසට ඉහළ යද්දී තමන්ට එම මිල පාලනය කිරීමට නොහැකි යැයි කියන්නට ආණ්ඩුවක් කුමකට දැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (11 දා) ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළේය.

මේ ආණ්ඩුවට රට ගොඩන`ගනවා තබා අඩු තරමේ ආර්ථිකයවත් කළමනාකරණය කර ගැනීමේ කිසිදු හැකියාවක් නැති බව ඉතා හොඳින් ඔප්පු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. මේ මොහොතේ මුහුණ දී සිටින බරපතළ ප‍්‍රශ්නවලින් ජනතාව මුදාගෙන, ජනජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ආණ්ඩුවට නැතිනම් ඒ බව පිළිගෙන වහාම ඉවත් වී රට ගොඩනැඟිය හැකි කණ්ඩායමකට ඒ වගකීම භාරදෙන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට සියලූ ආදායම් මාර්ග අවහිර වී ඇති බවත් ඒ සමගම රටේ මන්දපෝෂණය ඉහළ යමින් පවතින බවත් පැවසූ විපක්ෂ නායකවරයා සමස්ත ජනතාවම අන්ත අසරණ අඩියකට වැටී ඇති බවද පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක‍්‍රියාත්මක ‘විපක්ෂයෙන් හුස්මක් ’ වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහනෙහි 31 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක් (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තන්තිරිමලේ ප‍්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ දායකත්වයෙන් තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන්නට යෙදෙන කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව එහි කටයුතු පිළිබඳව විමසා බැලීමට විපක්ෂ නායකවරයා එම විහාරස්ථානයට පැමිණි අතර තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment