කාන්තාවකගේ මෝටර් රථයේ පොත ස්වාමියා දැනුවත්ව බැංකුවක තියලා ලක්ෂ 15ක් ලබාගෙන

565

කාන්තාවකට හිමි ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් මෝටර් රථයක් ඇයගේ ස්වාමි පුරුෂයා සමග එක්ව කූඨ ලේඛන සකසා මෝටර් රථ දෙපාර්තමේන්තුව මෙන්ම කළුතර රාජ්‍ය බැංකුවක්ද නොමග යවමින් පොත ඇපයට තබා රාජ්‍ය බැංකුවකින් ලක්ෂ 15 ක ණයක් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

හෝමාගම ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් අනුව දෙහිවල, මහරගම පාරේ පදිංචි 36 හැවිරිදි කාර්මික ශිල්පියකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

සැකකරු වාහන හිමිකාරියගේ ස්වාමි පුරුෂයාගේ සමීප මිතුරෙක් බවත්, ඔහු සමග එක්ව කූඨ ලේඛන සකස්කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොමග යවමින් තමන් වෙත පවරාගෙන කළුතර පිහිටි පෞද්ගලික බැංකුවක නිලධාරීන් ද නොමග යවමින් පොත ඇපයට තබා ලක්ෂ 15 ක ණය මුදලක් ලබගෙන තිබේ.

පැමිණිලි කාරියගේ ස්වාමී පුරුෂයාගේ ප්‍රකාශ මත අත් අකුරු පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ

උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ආර්. ජයතිස්ස මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක උදය කුමාර, කාන්තා උප පොලිස් පරීක්ෂක රුබේරු, සැරයන්වරුන් වන කරුණාරත්න (41080) සහ විතාරණ (8500) යන නිලධාරීන් දෙදෙනා වැටලීමට එක්වූහ.

ආර්.ඒ.එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment