කාබනික පොහොරෙන් සාර්ථකව කහ වගා කරන ඌරගස්මංහන්දියේ පේ‍්‍රමසිරි

310

රසායනික පොහොරවලින් තොරව කාබනික පොහොර පමණක් යොදා වගාකළ අති සාර්ථක කහ වගාවක් ඌරගස්මංහන්දිය පොල්අතුපළාතේ දී දැක ගන්නට තිබේ.

මේ පිළිබ`දව අදහස් දැක්වූ පේ‍්‍රමසිරි මහතා මෙසේද කීය.

‘‘මම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. දරු තුන් දෙනකුගේ පියෙක්. දැන් වයස අවුරුදු පනස් නවයක් වන නිසා අවුරුදු පහක කාලයක සිට වඩු කර්මාන්තය අත්හැර දමා වගාවට යොමු වුණා. කුරු`දු අක්කර බාගයක් පමණ තිබෙනවා. එය ජීවත් වීමට මදි නිසා වගාවට යොමු වුණේ. මේ දිනවල කහවලට හො`ද ඉල්ලූමක් තිබෙන නිසා ඒ ස`දහා යොමු වුණා.

කිසිම රසායනික පොහොරක් දැම්මේ නැහැ. දහයියා පුච්චල අ`ගුරු සහ එ`ඵ බෙටි එක වළකට තාච්චි එකහමාර බැගින් දැම්මා. කහ ප‍්‍රභේද තුනක් තිබෙනවා. ලංකා ප‍්‍රභේදයක් සහ ඉන්දියන් ප‍්‍රභේද දෙකක්. ඉන්දියන් ගහ උසින් අඩුයි. ක`ද මහතයි. අලත් මහතයි. ලංකා ප‍්‍රභේදයේ කද හීනියි. උසයි. මෙය අවුරුද්ද පුරා වගා කරන්න පුඵවන්.

බලපිටිය – අනුර යසමිත්
 

advertistmentadvertistment
advertistmentadvertistment