DIG 3 ක් SDIG ධුරයට උසස් කෙරේ

1611

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර ඇත. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් පිරිනමා තිබේ. මෙසේ උසස්වීම් ලබා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා මෙසේය.

පොලිස් විශේෂ කාර්ය බළකාය භාර අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි අසංක කරවිට, මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි එස්. ඩබ්ලිව්. එම්. සේනාරත්න යන මහත්වරුන් ය. මෙම උසස්වීම් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment