නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඈවර කිරීම අපරාධයක් – යළි සලකා බලන්නැයි යෝජනාවක් ගේනවා – ඇමැති ප්‍රසන්න කියයි

133

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ තීරණය නැවත සලකා බලන ලෙස ඇමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (24දා) පැවසීය

රාජ්‍ය ආයතන පිළිබඳ නිර්දේශ ඇතුළත් රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව සිය කමිටු වාර්තාව සැකසීමේදී කමිටුව විසින් අදාළ ආයතනවල අදහස් ලබා නොගැනීමත් විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කර නොමැති බවත් ඇමැතිවරයා කියා සිටී.

මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙසට එම යෝජනාව මගින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කරයි.

පාඩු ලබන රාජ්‍ය ආයතන ඈවර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණත් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඈවර කිරීම අපරාධයක් බව ද ඇමැතිවරයා කියා සිටී. නාගරික සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, බිම් බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය, සීමාසහිත හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගම, ඕෂන් වීව් ඩිවලොප්මන්ට් ආයතන විසුරුවා හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය වියදම් සමාලෝචන කමිටු වාර්තා යෝජනා 14 ක් යටතේ ලබාදී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment