මෝදි එනතෙක්  ශ‍්‍රී ලංකාව බලා සිටිනවා – ජී. එල්. ඉන්දීය විදේශ ඇමැතිට කියයි

165

ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි මහතා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැඩි අපේක්‍ෂාවෙන් සිටින බව ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ ඇමැති එස්. ජයසංකර් මහතා හමු වූ අවස්ථාවේදී ප‍්‍රකාශකර ඇත.

දෙරටේ විදේශ ඇමැතිවරුන්ගේ මෙම හමුවේදී ශ‍්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ ඇමැතිවරයාට ද එළඹෙන මාර්තු මාසයේ ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඇරයුම් කර තිබේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment