ඇෆ්ගනිස්තාන ‘ඒ’ පිලට එරෙහිව සහන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව තරග බිමට

238

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ නම් කර ඇත.

රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක් දින තරග පහකට සහ පන්දු වාර 20-20 එක් තරගයකට ක්‍රීඩා කර ඇත.

ඔහු ක්‍රීඩා කර ඇති පළමු පෙළ තරග සංඛ්‍යාව 59 කි.

තරග පහකින් යුත් එක්දින තරගාවලියක් සහ සිවු දින තරගයක් දෙරට අතර පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි වීමට නියමිත ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම පෙරේදා (23 වැනිදා) මෙරටට පැමිණියේය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තරග සංචාරයේ පළමු එක්දින තරගය 28 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර එම සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවසන් එක්දින තරගය මැයි මස 7 වැනිදාත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සිවු දින ක්‍රිකට් තරගය මැයි මස 11 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ කොළඹ පී. සරා ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු රකින ක්‍රීඩක ඉක්‍රම් අලිකිල් විසින් මෙහෙයවනු ලබයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment