අශ්වයින් පදින විශ්ව රූ රැජණ

315


2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු සමත් වූවාය. විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ ඊශ‍්‍රායලයේ එපියාත් නුවර” ‘යුනිවර්ස් එරීනා‘ රඟහලේ දීය. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරගාවලියයි වසර 21කට පසුව ඉන්දියාවට මෙම කිරුල හිමිවිය. හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ දිනූ ඉන්දීය සුරූපිනියන් වන්නේ” සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා ය. ලාරා දත්තා විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳියේ 2000 වසරේදීය. ඇය දැන් නිළියකි. ලාරා ට්විටර් පණිවුඩයක් කරමින් හර්නාස් වෙත සුබපැතුම් පිරිනමා තිබිණි‘ මෙවර විශ්ව රූ රැජින කිරැළ පැලැඳි හර්නාස් මෝස්තර නිරූපිකාවක මෙන්ම නිළියක ලෙසද කටයුතු කරයි. රටවල් 80 ක සුරූපිනියෝ විශ්ව රූ රැජින කිරුළ සඳහා ඉදිරිපත්ව සිටියහ.

අශ්වයින් පදින විශ්ව රූ රැජණ



 මෙවර” විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප‍්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය. මුළු විශ්වයම ඔබේ මෙන් බැබළෙන්න” යනුවෙන් ඉන්ස්ටග‍්‍රෑම් හි සටහන් තබා ඇතී සුරූපිනිය ‘මිස් ඩිවා යුනිවර්ස් 2021‘ කිරුළ දිනාගෙන ඒ අනුව 2021 විශ්ව රූ රැජින තරඟයට ඉන්දියාව නියෝජනයට සුදුසුකම් ලැබුවාය. පන්ජාබ්හි ඉපදී හැදී වැඩුණු හර්නාස් සන්දු චන්දිගාර්හි ශිවාලික් පොදු පාසලට සහ චන්දිගාර් පශ්චාත් උපාධි රජයේ විද්‍යාලයට ඇතුළත් විය. දිවා දැනට රාජ්‍ය පරිපාලනය පිළිබඳ සිය ශාස්ත‍්‍රපති උපාධිය හදාරමින් සිටී. 2019 දී ඇය ෆෙමිනා මිස් ඉන්ඩියා පන්ජාබ් 2019 කිරුළ දිනාගත් පසුව ඇය ෆෙමිනා මිස් ඉන්දියා තරඟයට තරඟ කළාය. ඇය ෆෙමිනා මිස් ඉන්දියා හි හොඳම 12 දෙනා අතර සිටියාය. දැන් විශ්ව රූ රැජින බවට පත්ව සිටින හර්නාස් ඉදිරියට පුරා වසරක් නිව්යෝර්ක් හි වාසය කරන අතර ලෝව පුරා පැවැත්වෙන විවිධ වැඩසටහන් වලටද සහභාගිවනු ඇත.

 හර්නාස් සන්දු අවසන් තරගයට පෙර සිය ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ මෙලෙස සටහන් තබා තිබිණි‘ ”ඇදහිල්ල නොපෙනේ. එහෙත් එය හොදින් දැනේ. අද මගේ හදවතේ ඇති හැඟීම එයයි. මට දෙවියන් වහන්සේ” මගේ පවුල සහ ඔබ සියලූ දෙනා මා කෙරෙහි ඇති ආශිර්වාදය ගැන විශ්වාසයක් ඇත. මගේ ගමන ප‍්‍රීති වී ඇති අතර” මෙම සුන්දර තරගයේ අවසානයට ආසන්න වන විට” මට මගේ පවුලේ අය” මගේ පන්ජාබ් සමඟ මතකයන් නැවත සිහිවෙයි. මෙම මාස 1.5 තුළ මා ලැබූ සියලූ අත්දැකීම් පිලිබදව ඔබ සැමට මම කෘතඥ වෙමිි මම දැනටමත් ජයග්රාහකයෙක්.යුනිවර්ස් 2021 අවසන් තරඟයේදී හමුවෙමු! මේ සටහන අනුව ඇයට ජයග‍්‍රහණය ගැන බලවත් විශ්වාසයකින් සිටි බව පැහැදිලිය.හර්නාස් ඇගේ විවේක කාලය තුළ මිතුරන් සමඟ ඇසුරු කරයි” යෝගා” නැටුම්” ඉවුම් පිහුම්” අශ්වයින් පැදීම සහ චෙස් ක‍්‍රීඩා කිරීමට ප‍්‍රිය කරයි. පිහිනීමට ඉතා කැමතිය.

 සිරිමල් කළුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment