කෝණ මාසයත් සමග උදාවන හෙට දවස තීරණාත්මකයි

1271

උදාවන නුදුරු කාලය හො`ද කාලයක්ද? රෝග බිය ඇතුළු බොහෝ දේ නිසා පීඩාවට පත් ජනතාවට තරමක වත් සහනයක් ලැබේද? යන ගැටලූව අප හමුවේ තිබේ. මේ ලිපියේ අරමුණ මේ පිළිබ`දව සොයා බැලීමයි. දෙසැම්බර් මස 16 දා සිට උදාවන කෝණ මාසය ඇතුළත පවතින ග‍්‍රහ රටාව මෙහිදී සැලකිල්ලට ගනු ලැබේ. පසුගිය දෙසැම්බර් මස 16 දා පාන්දර 3.44ට රවි ග‍්‍රහයා එතෙක් ගමන් කළ වෘශ්චික රාශියේ සිට ධනු රාශියට මාරු වූයේය. පුරා මාසයක කාලයක් රවි ධනු රාශිය තුළ ගමන් කරන්නේය. ඊට ධනු රවිය යැයිද කෝණ මාසයක් යැයිද කියනු ලැබේ. රවි ග‍්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරේ ගමන් කරන මාස හතරට කෝණ මාස යැයි කියනු ලැබේ. මේ අනුව දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා ගතවන ධනු කෝණ මාසය විශේෂ වෙයි. නැකත් නැති මාසයක් ලෙස හැඳින්වුවද විශේෂයෙන් විවාහ මංගල කටයුතු ස`දහාද නිවාස ඉදිකිරීම ස`දහාද සුදුසු නැති බව ඉසිවර මතයයි. මේ ගැන කියැවෙන පුරාණ කවියක් පහත පළවේ.

 කෝණේ කන මඟුල් තුලා කාටත් සකි පල           නොදේවි
 පානේ තෙල් ඇතත් තිරය එළිය නොදී අදුර          දේවි
 මූණේ සහ ඇෙ`ග සැටියෙන් අසරණකම පෙනී  යාවි
 හීනේකින් දුටු දේටත් මේ මස තුළ පල               නොදේවි

 මෙයින් කියැවෙන්නේ කෝණ මාසයේ මංගල කටයුතු සපල නොවන බවයි. පානේ තෙල් තිබුණත් එළිය නොලැබෙන බව හා අඳුර දෙන බව උදාහරණයකි.

 එහෙත් වත්මන් සමාජය තුළ මේ පිළිබ`දව එතරම් සැලකිල්ලක් තිබේද යන්න ගැටලූවකි. හෝටලය ලබාගත හැකි දවස වැනි වෙනත් බාහිර කාරණා මත විවාහ නැකත් සෑදීම කෙරෙහි නැඹුරුවන බව පෙනේ. කෝණ මාසය අසුබ වන්නේ මංගල කටයුතුවලට පමණක් නොවේ. ගොඩනැඟිලි ඉදිකිරීම ආරම්භ කිරීම සඳහාද සුදුසු නොවේ. ධනු කෝණ මාසයේ ගෙයක් සෑදීමට ආරම්භ කළේ නම් නිකරුණේ ධන හානි වන බව කියා තිබේ.

 යම් කිසිවෙකු මේ කාලයේ ගොඩනැඟිලි වැඩක් ආරම්භ කළද ඉතා සුළු අපලයක් ලැබූ විට පවා ලොකු කරදරවලට මුහුණ පෑමට සිදුවන බවද ජ්‍යොතිෂ්‍යයේ ස`දහන්ය.

 එහෙත් මේ මාසය සෑම දෙයක් ස`දහාම සුදුසු නැති බව සමහරුන්ගේ අදහස නමුත් එය එසේ නොවේ. සුදුසු වයස ලැබූ දරුවන්ට ඉඳුල් කටගෑම, කෙස් කැපීම මෙන්ම විවිධ කෘෂිකාර්මික නැකත්ද මේ කාලය තුල යොදා ගැනීම වරදක් නොවේ.

 කෝණ මාසයේ උදාව සිදුවන අවස්ථාවේ ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ රවි සමඟ බුධ එකොළහේද කුජ කේතු දහයේද, ගුරු ලග්නයේද ශනි සමඟ සිකුරු දොළහේද ගමන් කරමින් සිටී. මේ අනුව රාජ්‍යකාරක රවි බලවත් බව සැලකිය යුතුවේ. නමුත් ලග්නපති දුර්වලවීම හා 4, 9 අධිපති සිකුරු දුර්වලවීම නිසා මේ කාලය තුළ කෘෂිකාර්මික අංශයට සුබ කාලයක් නොවේ.

 ගොවි කම්කරු ජනතාවට පීඩා සහිත කාලයක් බව පෙන්වයි. අධික වර්ෂාව තරමක් දුරට අඩුවිය හැකි නමුදු සුළං නිසා ඇතිවන විපත්වලට හේතුයි. දේව බැල්ම හා ආගම භක්තිය අඩුවේ. දෙවිදෝෂ ඇතිවන කාලයක් වේ. කලාශිල්පීන්ට, රූපලාවණ්‍ය ශිල්පීන්ට, මල් ව්‍යාපාරවල යෙදෙන අයට, ආහාර සපයන අයට, නළුනිළියන්ට තරමක් අපල කාලයක් බවද පෙනේ. රටේ පවතින ආර්ථික අර්බුදයට විදේශ රටක සහාය ලැබෙන බවද පෙනේ.

 අධ්‍යාපන අංශවලට දෙසැම්බර් 29 දින දක්වා යහපත් බව පෙන්වන අතර ඉන්පසුව තරමක බාධා ඇතිවිය හැකියි. විශේෂයෙන් පාසල් පද්ධතිය තුළ ඇතිවන බාධා පෙන්වයි. දෙසැම්බර් 30 දක්වා විවිධ කලාක්‍ෂේත‍්‍රයන්හි පවතින බාධා ඉන්පසුව තරමක් දුරට සුබ අතට හැරෙනවා ඇත.

 කෝණ මාසය ගතවනතුරු උපන් ලග්න අනුව පහත ස`දහන් සුබාසුබ ඇතිවේ.

 * මේෂ

 ගෘහ ජීවිතය සතුටුදායකයි. ආදායම් මාර්ගවලද යහපත් තත්ත්වයක් පෙන්වයි. සේවක පක්‍ෂයේ උදව් ලැබේ. නමුත් කුජ සමඟ කේතු දුර්වලව ගමන් කරන නිසා ශරීර සෞඛ්‍ය රැුකගැනීම ගැන සැලකිලිමත්වීම අවශ්‍ය වේ. දිනපතා ආගමික වතාවන් කර මංගල සූත‍්‍රය භාවිතා කරන්න. ලේ දන්දීම උසස් ශාන්ති කර්මයකි.

 * වෘෂභ

 අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. රවි අටවැන්නේ ගමන් කරන නිසා විවාහ මංගල කටයුතු හෝ ගෘහ නිර්මාණයට සුබ නොවේ. උසස් අය සමඟ කරන ගනුදෙනුවලදී ප‍්‍රවේශම් වෙන්න. වියදම් පාලනය කර ගන්න. දිනපතා ආගමික වතාවත්කර සූර්ය පිරිත භාවිත කරන්න. පහන් පූජාවක් කරන්න.

 * මිථුන

 විවාහ සහකරුට සුබයි. අඹුසැමි සමගිය ඇතිවේ. හවුල් ව්‍යාපාරවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. ආදායම් සතුටුදායක වේ. පෙම් සබ`දතා හෝ විවාහ යෝජනාවලට බාධා තිබේ. ශනි ඒරාශ්ඨක අපල තත්ත්වයන්ද පවතින නිසා සෞඛ්‍ය රැුකගැනීමට විශේෂයෙන් උනන්දු වෙන්න. ඖෂධ පූජාව ශුභයි. දිනපතා කරණීයමෙත්ත සූත‍්‍රය භාවිත කර, ටික වේලාවක් මෛත‍්‍රී භාවනාව කරන්න. කළු නිල් පාට අත්හරින්න.

 * කටක

 රවි හයවැන්නේ ගමන් කිරීම සුබදායකයි. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. උත්සාහය, ධෛර්ය වැඩිවේ. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. අඹු – සැමි සමගිය ඇතිවේ. විභාග සමත් වේ. ගුරු දශා ගත කරන අයට තරමක් අපලයි. රුධිරගත මේදය හා සීනි පාලනය වැදගත්ය. දිනපතා ආගමික වතාවත් කර අන්තරාය නිවාරණ පිරිත කීම සුබයි.

 * සිංහ

 විiාස්ථානය රවි බුධ ගමන් කරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. සේවක සහයෝගය ලැබේ. ගෘහ ජීවිතයේ දියුණුවට ඇති උනන්දුව ඉහළ යයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අඹු සැමි සමගිය ඇතිවේ. රවි දශා ගත කරන්නේ නම් උෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. දිනපතා ආගමික වතාවත් කර සූර්ය පිරිත කියන්න.

 * කන්‍යා

 රවි හතරවැන්නේ ගමන් කරයි. උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතී. සහෝදරයකුට සුබදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ඉඩ තිබේ. ගෙදර වියදම්ද ඉහළ යාමට ඉඩ ඇත. ස`දු දශා ගතකරන අය සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. චන්ද පිරිත භාවිතා කරන්න.

 * තුලා

 රවි බුධ තුන්වැන්නේ ගමන් කිරීම සුබදායකයි. උත්සාහය ධෛර්යය ඉහළ යයි. බාධා ජයගත හැකිවේ. ප‍්‍රයෝජනවත් ගමන්බිමන් යෙදේ. ලිපි ලේඛන ගිවිසුම්වලට අත්සන් කිරීමට සුබ නැකත් යෙදේ. උසස් අයගේ උදව් ලැබේ. රාහු දශා තරමක් අපලයි. උපදෙස් මත තීරණ ගන්න. ආගමික වතාවන් කර චන්ද පිරිත භාවිත කරන්න.

 * වෘශ්චික

 රවි බුධ ධනස්ථානය ගමන් කරන අතර කුජ ලග්නයේ ගමන් කරයි. මිශ‍්‍රපලදායකයි. උනන්දුව හා ධෛර්යය ඉහල යන බව පෙනේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. නමුත් පවුලේ වියදම් ඉහළ යාමට ඉඩ තිබේ. වියදම් පාලනය කරගන්න. ආගමික වතාවන් කර මංගල සූත‍්‍රය භාවිතා කිරීමෙන් අපල මග හැරේ.

 * ධනු

 රවි, බුධ ලග්නයේ ගමන් කිරීම නිසා පසුගිය මාසයට වඩා තරමක සුබපල ඇතිවේ. නීතිමය ගැටලූවලට විස`දුම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. වාසනාව උදාවේ. දෙවිපිහිට ලැබේ. රැුකියා බාධා අඩුවේ. අඹු – සැමි සමගිය ඇතිවේ. ගෘහ ජීවිතයද සුබයි. කුජ කේතු දශා තරමක් අපලයි. ආගමික වතාවන් කර කරණීයමෙත්ත සූත‍්‍රය භාවිතා කරන්න.

 * මකර

 රවි දොළහේ ගමන් කරන නිසා තරමක් අපලයි. රුධිර පීඩනය හෘදයාබාධ වැනි අසනීප ඇත්නම් ප‍්‍රවේශම් වෙන්න. වාසනාව ගැන නොව තමන් ගැනම විශ්වාසය තබා කටයුතු කිරීම මැනවි. උසස් අය සමඟ ප‍්‍රවේශමෙන් කටයුතු කරන්න. ආලෝක පූජාව සහ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීම සුබයි. සූරිය පිරිත භාවිත කරන්න.

 * කුම්භ

 රවි එකොළහේ ගමන් කරන කාලය ශුභයි. අඹු – සැමි සමගිය ඇතිවේ. උසස් අයගේ උදව් ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. විනෝදයට බරවීම නිසා දියුණුවට බාධා ඇතිවිය හැකියි. ශනි ඒරාෂ්ඨක අපලයද පවතින නිසා දිනපතා ආගමික වතාවන් කර මෙත් වඩන්න. අසරණ අයට උපකාර කරන්න.

 * මීන

 දහවැන්නේ බලවත්ව රවි ගමන් කරන මාසය ශුභයි. රැුකියා ව්‍යාපාර සාර්ථක වේ. සමාජ තත්ත්වය ඉහළ යයි. බලාපොරොත්තු ඉටුවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. විවාහ සහකරුටද ශුභ දායකයි. ගුරු දශා ගතකරන අය රුධිරගත සීනි මේදය පාලනය කරගැනීම මැනවි. දිනපතා අන්තරාය නිවාරණ පිරිත භාවිතා කරන්න.

 රවි අපලය පවතින අයට බුද්ධ පූජා බෝධිපූජා තබා කතරගම දෙවියන්ට බාරවීම මැනවි. පූජා තබන විට රතු නෙළුම්, ඕලූ, මානෙල් මල් හා තැඹිලි තෙල් පහන් පූජා කරන්න. බෞද්ධ කොඩි, සිසිල් පැන් හා ඔසු පැන් පූජා කරන්න. සූර්ය පිරිත කියන්න. ඉරිදා දිනවල උදේ 6-7 අතර පූජා තබන්න.

 කතරගම දෙවියන්ට රත්කෙසෙල්, රතු ඇපල් සහිත පලතුරු 9ක් පහන් 9ක් රතුමල්මාල සහිතව පූජා වට්ටිය සකස් කර පූජා කරන්න. සිසිල් පැන්, තැඹිලි, කුරුම්බා, ඇස්කණ්ණාඩි දන්දෙන්න. ආලෝක පූජාව කරන්න. නවගුණ, අභිසම්භිදාන, සූර්ය මණ්ඩලය, රතන ආදී යන්ත‍්‍ර පැලඳීම අපල දුරුවීමට හේතුවේ.

කෝණ මාසයත් සමග උදාවන හෙට දවස තීරණාත්මකයි


කෑගල්ලේ  – සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment