බේරෙන්න පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතුයි – ආචාර්ය චන්දිම ජීවන්දර

234

දකුණු අපි‍්‍රකාවෙන් හඳුනාගෙන ඇති කොවිඞ් 19 වෛරසයේ නව ප‍්‍රභේදය වන ඔමික්‍රෝන් (B.1.1.529) ආසාදනය වීම වළක්වා ගැනීමට නම් සියලූ දෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා හා ප‍්‍රතිශක්තිවේදය සහ ෙසෙල ජීව විද්‍යා ඒකකයේ අංශ ප‍්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවැසීය.

එනිසා කොවිඞ් මර්දන එන්නත් දෙක ලබා මාස 3ක් ගතවී ඇති සියලූ දෙනා අධිප‍්‍රතිශක්තිකරණ එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබා ගැනීමට යොමුවිය යුතු යැයිද හෙතෙම පැවැසීය.

මෙම නව ප‍්‍රභේදය පළමුවරට හඳුනා ගත්තේ දකුණු අපි‍්‍රකාවෙනි. මෙම ප‍්‍රභේදය ශී‍්‍ර ලංකාවේ පැතිර යෑම වැළැක්වීම සඳහා දකුණු අපි‍්‍රකාව, නැමිබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසනො සහ එස්වටින් යන දකුණු අප‍්‍රිකානු රටවල සංචාරකයන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත. එසේම දැනට එම රටවලින් මෙරටට පැමිණ සිටින සංචාරකයන්ට දින 14ක් නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස්දී තිබේ.

මේ වන විට ඔමික්‍රොන් නව ප‍්‍රභේදය ආසාදනය වූ 96 දෙනෙක් හඳුනාගෙන සිටිති. ඉන් 60කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇත්තේ දකුණු අපි‍්‍රකාවෙනි.

දකුණු අප‍්‍රිකානු මහද්වීපයේ රටවල් ගත් කළ ලෝකයේ අඩුම කොවිඞ් පාලන එන්නත් ලබාගත් ජනතාවක් එම රටවල වෙසේ. එනිසා ඒ රටවල්වල ජනතාව අතර මෙම නව වෛරසය පැතිර යෑම දැඩි අවධානම් සහගත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර ඇත.

මෙම රෝගීන් තුළ මස්පිඩු වේදනාව, දින 2ක් පමණ පවතින වෙහෙසකර බව සහ සුළු කැස්සක් දැකිය හැකි බව දකුණු අපි‍්‍රකාවේ වෛද්‍ය සම්මේලනයේ ප‍්‍රධානී වෛද්‍ය අන්ජලීන් කොට්සි මහත්මිය පවසයි. දැනට හඳුනාගෙන ඇති රෝගීන් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් බවත් පූර්ණ එන්නත්කරණයට ලක්වූ කිසිවකුත් මෙම නව ප‍්‍රභේදයට ගොදුරුවී නැතැයි දැනට හඳුනාගෙන ඇති රෝගීන්ට අනුව හෙළිවී ඇතැයිද ඇය පවසයි.

එසේම කොවිඞ් 19 වෛරසය ආසාදිතයන්ට මෙන් රස, සුවඳ නොදැනීමේ රෝග ලක්‍ෂණ මෙම රෝගීන් අතර දක්නට නොලැබෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර සිම්බාබ්වේ සංචාරයක නිරත ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් 07 දෙනකුට මෙම ඔමික්‍රෝන් නව ප‍්‍රභේදය ආසාදනය වී ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි. එම ආසාදිත කී‍්‍රඩිකාවන් ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ වෛද්‍යවරයාගේ අධීක්‍ෂණය යටතේ එරට නිරෝධායනයට ලක්කර ඇතැයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කරයි.

මෙම ඔමික්‍රෝන් නව ප‍්‍රභේදය ශී‍්‍ර ලංකාව තුළ පැතිර යෑම වළක්වා ගැනීම සඳහා දැනට සීමාකර ඇති පීසීආර් පරීක්‍ෂණ වැඩි කළ යුතු යැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. එසේ කටයුතු නොකළහොත් දැනට රට තුළ උදාකරගෙන ඇති වසන්තය නිමාවනු ඇතැයිද ඔවු සඳහන් කරයි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment