වැට් නොගෙව්වාට නඩු වැටුණු ඊ. ඒ. පී. සභාපතිට ඇප

104

කාර්තු තුනක් සඳහා රුපියල් මිලියන 47 ක වැට් බදු නොගෙවීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනී සිටි ඊ. ඒ. පී. සමූහ ව්‍යාපාරයේ සභාපති ජීවක එදිරිසිංහ මහතා රුපියල් මිලියන 50 ක ඇප බැඳුම්කරයකට යටත්ව මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (18 දා) නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනී නොසිටි අංජලී එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන තිදෙනාට ලබන අප්‍රේල් 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. 2016 වසරේ කාර්තු තුනක් සඳහා එකී වැට් බදු නොගෙවීමේ චෝදනා යටතේ දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් එම නඩුව පවරා තිබිණි.

ඒ ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment